[vc_row][vc_column][vc_column_text]ක‍්‍රිකට් ක‍්‍රීඩක මහේල ජයවර්ධන මහතා අදහස් දක්වමින්,
පාසල් ක‍්‍රිකට් වලට ගිය වසරේ අපි සෑහෙන වැඩ කොටසක් කලා. අපි ගත්තොත් මධ්‍යම පළාතේ ක‍්‍රිකට් සෙල්ලම් කරන පාසල් 50 ක් තිබෙනවා. නමුත් තණතිල්ල සහිත ක‍්‍රීඩාංගන තිබෙන්නේ හතරයි. බස්නාහිර පළාත ගත්තොත් පාසල් එකසිය 169 ක් තිබෙනවා. ඒකෙන් පාසල් 18ක පමණයි තණතිලි සහිත ක‍්‍රීඩාංගන තිබෙන්නේ. උතුරු පළාත ගත්තොත් ක‍්‍රිකට් සෙල්ලම් කරන පාසල් 26 කට තණතිල්ලක් සහිත එක ක‍්‍රීඩාංගණයක් පමණයි තිබෙන්නේ. සබරගමුව පළාත ගත්තොත් එක ම තණ තීරුවක් සහිත ක‍්‍රීඩාංගනයක් හෝ නැහැ. වයඹ පළාත ගත්තොත් සෑහෙන ක‍්‍රීඩකයෝ බිහි කරල වුණත් පාසල් හතළිස් එකකට තණතීරු සහිත ක‍්‍රීඩාංගන තිබෙන්නේ තුනයි. දකුණු පළාත ගත්තොත් පාසල් 50ක් තිබුනට එක තණතීරුවයි තිබෙන්නේ. ඒ වගේම සභාපතිතුමා කිව්ව අපේ පළමු පෙළ කණ්ඩායම් වලටත් කණ්ඩායම් නවයකට තමන්ගෙ කියලා ක‍්‍රීඩාංගණයක් නැහැ කියලා. ඒකත් අවධානය යොමු කළ යුතු කාරණයක්. අපේ පළමු පෙළ ක‍්‍රීඩා සමාජ තර`ගාවලිය ගත්තොත් ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණ වල සෙල්ලම් කරන්නේ කණ්ඩායම් දෙකයි. ඒ.එස්.එස්.සී ක‍්‍රීඩා සමාජය සහ ඕවල් ක‍්‍රීඩා සමාජයයි. අනෙකුත් කණ්ඩායම් තම තමන්ගේ ක‍්‍රීඩාංගනවල සෙල්ලම් කරනවා. එහෙම ගත්තහම ඒ දරුවන්ට ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණවල තණ තීරුවල සෙල්ලම් කරලා අත්දැකීම් නැහැ. සූරියවැව, දඹුල්ල, ඛෙත්තාරාම කියන ක‍්‍රීඩාංගන එකකවත් අපේ පළමු පෙළ ක‍්‍රීඩා තර`ග පැවැත්වෙන්නේ නැහැ.
අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ලොකු ප‍්‍රශ්නයක් තිබෙනවා. අපි මුලින්ම ඒ පිළිබඳ හිතන්න ඕනේ. අපි මුදල් යොදවන්න ඕනෙ කොහෙටද කියලා අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මේ අවුරුදු පහළොවට විස්සටම අපි පාසල් ක‍්‍රිකට් ගැන කිසිම අවධානයක් යොමු කරලා නැහැ. අපි තණතීරු සම`ග ජාත්‍යන්තර මට්ටමකට ක‍්‍රීඩාංගන හදන්න ඕනේ. අන්තිම අවුරුදු 15 ගත්තොත් අපේ වැඩිපුරම ජාත්‍යන්තර ක‍්‍රීඩකයෝ බිහිවෙලා තිබෙන්නේ පිට පළාත් වලින්. කොළඹින් නෙවෙයි. නමුත් ඒ පිට පළාත් වලට අපි තවමත් අවශ්‍ය පහසුකම් ලබාදීලා නැහැ.
උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසුව අපි ඒ පළාත් වල දක්ෂ ක‍්‍රීඩකයින් දකිනවා. නමුත් ඒ දරුවන්ට අවශ්‍ය පහසුකම් නැහැ. අපිට යුතුකමක් තිබෙනවා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන්න.
ඩොලර් මිලියන 40 ක ණයක් ගත්තොත් අපි සියයට තුනක හතරක පොලියක් ගෙවන්න ඕනේ. ඒ පොළියයි වාරිකයයි ගත්තොත් බිලියන 3.5 ක් ගානේ අවුරුදු දහයක් හෝ පහළොවක් හෝ අපි ඒක ගෙවන්න ඕනේ. ඒ මුදල අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට යොදවන්න පුළුවන් නම් ඒ මුදලින් අපේ ක‍්‍රිකට් ක්ෂේත‍්‍රය හදන්න පුළුවන්නම් අපිට ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ බිහි කරන්න ඒක හොඳ ආයෝජනයක් වෙනවා.
ක‍්‍රිකට් කණ්ඩායම කියන්නේ හොඳ බ‍්‍රෑන්ඞ් එකක්. දැන් ඒ බ‍්‍රෑන්ඞ් එක නැහැ. කොවිඞ් 19 එක්ක ඉදිරි අවුරුදු තුන ගත්තොත් ජාත්‍යන්තරව අනුග‍්‍රහය සපයන පිරිස ඉදිරියේ දී අඩු වෙනවා. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය පවා මේ වන කොට ඒ වැඩ කරන අයගේ මුදල් ගෙවීම් අඩුකරලා තිබෙනවා. අපි හිතන්නේ නැහැ අපි හිතන විදියටම ඉදිරි අවුරුදු පහ තුළ ආදායමක් ලැබෙයි කියලා. එහෙම සැලැස්ම හැදුවොත් අපි ලොකු කරදරයක වැටෙනවා. ඒ නිසා අපේ රට ඇතුළේ තිබෙන තත්ත්වය බලමින් වැඩ කරන එක තමයි හොඳම දේ.[/vc_column_text][/vc_column][/vc_row]