පාසල් ක්‍රීඩා වංශකතාවේ විශිෂ්ට පරිච්ඡේදයක් ලියූ දිරිය දියණියන් සමස්ත ශ්‍රී ලාංකීය දරුවන්ටම පරමාදර්ශයක්

[vc_row][vc_column][vc_column_text]

විභාගය පමණක් කේන්ද්‍රකරගත් අයුක්ති සහගත පිළිවෙත වෙනුවට ”ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබරව ඉදිරියට ගෙනයාමේ මැඳුම් පිළිවෙතට එළඹි විශිෂ්ට දියණියන් ඇගයීමේ උළෙල” ගරු අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 10 වන දින ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
පසුගිය දෙසැම්බර් මස 01 දින සිට 10 වනදා දක්වා නේපාලයේ කත්මන්ඩු නුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී දස්කම් පෙන්වා ජාත්‍යන්තරයෙන් පදක්කම් ලබමින් එම රටේදීම අපොස. (සා.පෙළ) විභාගයට මුහුණ් දී විශිෂ්ට ලෙස සමත්වූ දිරිය දියණියන්ගේ දක්ෂතා අගයමින් උපහාර පුදන මේ අවස්තාවේ දරුවන්ගේ දක්ෂතා වර්ණවත් කිරීමට දිරිදුන් මිලියන 06 කට අධික දෙමාපියන්ටද විදුහල්පතිතුමන්ලා ප්‍රමුඛ ගුරුවරුන්ට ද ගරු අමාත්‍යතුමන් මෙහිදී පළමුව සිය කෘතවේදීත්වය පළකර සිටියේය. අනතුරුව අධ්‍යාපනය සමඟ ක්‍රීඩාව සමබරව ඉදිරියට ගෙනයා හැකි බව සපථ කරමින් සියලුම දරු දැරියන්ට පරමාදර්ශයක් වෙමින් අධ්‍යාපන හා ක්‍රීඩාව යන ක්ෂේත්‍ර දෙ‍කෙහිම දක්ෂතා දැක්වූ දියණිවරුන්ට සිය ආදරය, ගෞරවය පුදකර සිටි අතර ඔවුන්ට සෞභාග්‍යමත් අනාගතයකට සුබ පැතුම් එක් කළේය.
එසේම අධ්‍යාපනයට ඇති පෙළඹවීම අල්පවී යන මෙම 21 වන ශතවර්ෂයේ වත්මන් ජනමාධ්‍ය, පාලකයන් පමණක් නොව දෙමාපියන් ද උත්සහ දරනුයේ විභාගය හරහා අධිවේගී මාවතකට තම දරුවා ඇද දැමීමටයි. පාසල් ක්‍රීඩා වංශකතාවේ ලියැවුණු මෙම විශිෂ්ට පරිච්ඡේදය, මෙම දියණිවරුන්ගෙන් සුවහසක් දරුවන්ට පිදෙන පරමාදර්ශයකි. මෙය ජාතික උත්සවයක් ලෙස සලකමින් මාධ්‍ය තුළ කැපී පෙනෙන ලෙස වර්ණවත් කර “ක්‍රීඩාවට යොමුවීමෙන් අධ්‍යාපනය අසාර්ථක වේ” යන මිත්‍යාව බොහෝ දෙමාපිය, ගුරුවර හදවත් තුළින් මෙන්ම සමාජයෙන් ද තුරන් කිරීමට සහය වන ලෙස අමාත්‍යවරයා සියලු මාධ්‍ය වලින් ඉල්ලා සිටියේය.
ක්‍රීඩාව සහ අධ්‍යාපනයට රාජ්‍ය ප්‍රතිපත්තිය කැප කළ රාජ්‍ය නායකයාට අත්වැලක් සපයමින් තමන් විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙම ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබරව ගෙනයන මැඳුම් පිළිවෙත, ”ජාතියේ පිළිවෙත” බවට පත්කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.මෙම අවස්ථාවට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, සුගතදාස ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ සභාපති නලින්ද සම්පත් සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත යන මහත්වරුන් සහභාගි විය.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top