වයිකින් වේගපන්දු බල ඇණියට නව ජවයක් ගෙනා ඩිල්ෂාන් මදුශංක

[vc_row][vc_column][vc_column_text]මෙවර LPL තරඟාවලියේ Dambulla Viking කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ද තේරී පත්වුණු ඔහු අද පළමු වරට LPL තරඟ බිමට පිවිසුණා. ඒ Galle Gladiators කණ්ඩායමට එරෙහිව.තමන් සහභාගී වුණු පළමු තරඟයේ පලමු පන්දුවාරයේම කඩුල්ලක් දවා ගැනීමට දිල්ශාන් සමත්වුණා. දිල්ශාන් තරඟය නිමා කලේ පන්දුවාර දෙකක් තුළ ලකුණු 24කට එක් කඩුල්ලක් දවාගනිමින්.

තරමක් වැඩි ලකුණු සංඛ්‍යාවක් දිල්ශාන් ට එරෙහිව වාර්තා කර තිබුණත් පැයට කිලෝමීටර් 140කට අසන්න වේගයකින් මේ 20 වැනි වියේ පසුවන වමත් වේගපන්දු යවන්නා පන්දු යැවීමට සමත්වුණා.ඔහු පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉතා ඉහල මට්ටමේ බලාපොරොත්තු තබාගෙන සිටින බව ඔහු දැක්වූ අදහස් වලින් පැහැදිලි වුණා.

දිල්ශාන් ගේ දක්ෂතා පිළිබඳව අපි ඉතාමත් පැහැදීමෙන් ඉන්නේ. ඔහු දකුණු අප්‍රිකා සංචාරයට ද එක් වනවා. ඔහු හොඳින් ඔප දමා ගත යුතු දියමන්තියක්. අපි ඔහුව අපේ පුහුණුවීම් පද්ධතිය තුළ රඳවා ගත යුතුයි.’”

අපි ඔහුව තවත් ශක්තිමත් කළ යුතුයි. අපි විශ්වාස කරනවා වසර දෙකක් වගේ කාලයකින් ඔහු ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණියේ ප්‍රහාරාත්මක බෝම්බය බවට පත්වේවි.’ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා සඳහන් කළා.

මෙලෙස ඉහල මට්ටමේ බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙක් වන දිල්ශාන් පිළිබඳව අපි මින්පෙර පලකල ලිපියෙන් කොටසක් ඔබ වෙනුවෙන් අපි මේ ලිපියේ එක කිරීමට තීරණය කළා.

දිල්ශාන් ගේ මෙතෙක් ක්‍රීඩා දිවියෙන් බිඳක් 2000 වසරේ සැප්තැම්බර් මස 18වනදා දකුණු පුරවරයේ හම්බන්තොටදී උපත ලද දිල්ෂාන් මදුශංක හුංගම විජයබා විද්‍යාලයෙන් ක්‍රීඩාවට අත්පොත් තැබීය. හුංගම විජයබා විද්‍යාලයීය ක්‍රිකට් පුහුණුකරු ඉලංගරත්න යටතේ ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹූ දිල්ෂාන් හට වයස අවුරුදු 15න් පහල කාණ්ඩයේදී පාසල් ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වීමට නොහැකි වුවද දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වීමට හැකි විය.

හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු මංජුල කරුණාරත්න, දිල්ෂාන් සතු දස්කම් හේතුවෙන් ඔහුව දිස්ත්‍රික් කණ්ඩායමට තෝරාගත් අතර දිස්ත්‍රික් මට්ටමේ පෙන්වූ දස්කම් මත ඔහු දකුණු පළාත් ක්‍රිකට් කණ්ඩායමට තේරී පත්විය. දිල්ෂාන්ගේ විශිෂ්ට හැකියාවන් දුටු ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් මෙම ක්‍රීඩකයා ජාතික තලයට රැගෙන එන්නට විය.

වමත් වේගපන්දු යවන්නෙකු ලෙසින් මෙම වසරේ දකුණු අප්‍රිකාවේ පැවති යොවුන් ලෝක කුසලාන සංචිතය නියෝජනය කිරීමේ වරම් දිල්ෂාන් මධුශංකට හිමිවිය. ඉන්දීය කණ්ඩායම සමගින් පැවති මූලික වටයේ පැවති පළමු තරගයේදී ඉන්දීය යොවුන් පිතිකරු යෂාස්වි ජයසිවාල් දවාගැනීමට දිල්ෂාන් මදුශංකට හැකි විය. නවසීලන්තයට එරෙහි තරගයේදීද නවසීලන්ත නායකයාගේ කඩුල්ල දවාගන්නට සමත් වන මදුශංක ජපානයට එරෙහි තරගයේදී කඩුලු 2ක් බිදහෙලන්නට සමත් විය.

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතරේ ශ්‍රී ලංකාවට ස්ථානය අහිමි වද්දී පලග ශූරතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදිනි. දිල්ෂාන් මදුශංකගේ යොවුන් එක්දින පිටියේ හොදම පන්දු යැවීම වාර්තා වන්නේ පළග ශූරතාවය වෙනුවෙන් වන අර්ධ අවසන් පූර්ව තරගයේදීය. නයිජීරියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 36කට කඩුලු 5ක් බිදහෙලන්නට දිල්ෂාන් සමත් වන්නේ නයිජීරියානු ඉනීම ලකුණු 73කට සීමා කරමිනි.

ස්කොට්ලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේ හා එංගලන්තයට එරෙහි අවසන් මහා තරගයේදී කඩුලු 2 බැගින් බිදහෙලන්නට දිල්ෂාන් මදුශංකට හැකි විය. තරග 6ක් තුළදී කඩුලු 13ක් බිදහෙලන්නට දිල්ෂාන් මදුශංක සමත් වන්නේ තරගාවලියේ කඩුලු ලාභීන් අතරෙහි පස්වැන්නා බවට පත් වෙමිනි.

යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ තරග දෙකකදී කඩුලු 6ක් බිදහෙලනා දිල්ෂාන් මදුශංක 2019 වසරේ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව මෙරටදී තරග හතරක් තුළදී කඩුලු 8ක් බිදහෙලන්නේ තරගාවලියේ කඩුලු ලාභියා බවට පත් වෙමිනි. වයස අවුරුදු 19න් පහළ ජාත්‍යන්තර තරග 17කදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලු 30ක් බිදහෙලන්නට දිල්ෂාන් මදුශංකට හැකි වී ඇත.

ශ්‍රී ලංකා නැගී එන පිල නියෝජනය කරමින් තුන්කොන් තරගාවලියේදී හා යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී දිල්ෂාන් මදුශංක දකුණු අප්‍රිකානු ක්‍රීඩා පිටිවල පන්දු යවා තිබීම සුවිශේෂීය.

අවසන් වූ ප්‍රිමියර් ලීග් තුන් දින තරගාවලියේදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙළ තරග බිමට පිවිසෙන දිල්ෂාන් මදුශංක මංගල තරගයේදීම විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති එම තරගයේ පළමු ඉනීමේදී කඩුලු 2ක් දවාගත් යොවුන් වමත් වේගපන්දු යවන්නා මීගමුව ක්‍රීඩා සමාජ දෙවන ඉනීමේ කඩුලු 6ක් ලකුණු 33කදී බිදහෙලන්නට සමත් විය.

ප්‍රිමියර් ලීග් පළමු පෙළ තරග බිමෙහි කඩුලු 10ක් දවාගෙන ඇති දිල්ෂාන් වෙලද සේවා තරගාවලියේදී කඩුලු 3ක් හා වයස අවුරුදු 23න් පහළ ප්‍රිමියර් එක්දින තරගාවලියේදී කඩුලු 6ක්ද දවාගගෙන ඇත. කොවිඩ් රෝගී තත්වයන් හේතුවෙන් අතරමග නවතා දැමුණු වයස අවුරුදු 23න් පහළ එක්දින තරගාවලියේ සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 9ට කඩුලු 4ක් බිදහෙලමින් සැරසන්ස් ඉනීම ලකුණු 47කට සීමා කරවන්නට දිල්ෂාන් දායක විය.

– Creeda Sports Network -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top