[vc_row][vc_column][vc_column_text]මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් කණ්ඩායමේ රදවා ගන්නා ක්රීඩකයන් ප්රකාශයට පත් කිරීම අද දිනයේදී සිදු විය. ඒ අනුව ශ්රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග ක්රීඩක වෙන්දේසියට නිදහස් කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කොට ඇත.
එම තීරණයත් සමගින් ලසිත් මාලිංග Franchise ක්රිකට් පිටියට සමුදීමට තීරණය කොට ඇත. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවස්ථා හතරකදී ශූරතාවය දිනාගැනීමට විශාල සේවයක් ඉටුකළ මාලිංග මුම්බායි කණ්ඩායම වෙනුවෙන් කඩුලු 170ක් දවාගැනීමට සමත් විය. ඉන්දීය ප්රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වනුයේද ලසිත් මාලිංගයි.
– Creeda Sports Network –[/vc_column_text][/vc_column][/vc_row]