ජෝ රූට් වගේ පන්දුවට පහර දෙන්න ශ්‍රී ලංකාව ඉගෙන ගත යුතුයි – දිනේෂ් චන්දිමාල්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙන ආකාරය ජෝ රූට්ගෙන් ඉගෙනගත යුතු බව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කොට ඇත. එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පූර්ණ වශයෙන් පරාජයට පත්වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. තරගාවලිය තුළදී එක් දිවිත්ව ශතකයක් හා ශතකයක් සමගින් ලකුණු 426ක් රැස්කිරීමට ජෝ රූට් සමත් විය.

ආබාධයකට ලක්වූ නායක දිමුත් කරුණාරත්න වෙනුවට තරගාවලියේ නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල් පරාජය පිළිබදව අදහස් දක්වා ඇත.

“ අපි පසුගිය දින තුනේදී මහන්සි වී වැඩ කළා. නමුත් පිතිකරණ ඒකකය පළමු තරගයේ පළමු දිනයේ සිදුකළ වැරැද්දම අද දිනයේදීත් කළා.“

ශ්‍රී ලංකා පිළ පළමු ඉනීමේදී ලකුණු 37ක ඉදිරියක් ලබාගත්තද දෙවන ඉනීම තුළදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 126ක් පමණි.

” පිතිකරුවන්ට කිසිදු සමාවක් නෑ. අපි ඉගෙනගත යුතුයි රූට් වගේ පන්දුවට පහර දෙන්න. ඔහු විශිෂ්ටයි. අපි ඉගෙනගත යුතුයි ඔහු වගේ ඉවසීමෙන් පන්දුවට පහර දෙන්න. පිතිකරණයේ මූලිකාංගය එයයි.“

“ අපි හොදින් පුහුණුවීම් කටයුතු සිදු කළා. නමුත් එංගලන්තය වැනි හොද කණ්ඩායමක් සමගින් ක්‍රීඩා කිරීමට තරම් එය ප්‍රමාණවත් වුණේ නෑ.“[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top