[vc_row][vc_column][vc_column_text]කොදෙව් සංචාරය වෙනුවෙන් පුහුණුවීම් වල නිරත වූ ජාතික සංචිතයේ ක්‍රීඩකයන් හා පුහුණුකරුවන්, දැල් තුළ පන්දු යවන්නන් ඇතුලු 35දෙනෙකුගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල ඍණාත්මක වී ඇත.
ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හා ලහිරු තිරිමාන්න කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙන් පසුගිය සතියේදී පුහුණුවීම් නතර කෙරිණි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අද දිනයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්හට නව භෞතික සාධක කළමනාකරු ග්‍රාන්ට් ලූඩන් ලබාදුන් අභියෝගයටද මුහුණ දීමට සිදුවනු ඇත. එම අභියෝගය වනුයේ කිලෝමීටර් 2ක දුර ප්‍රමාණය මිනිත්තු 8යි තත්පර 35කදී දිවීමයි.
තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එළඹෙන 16වනදා සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වූ මිකී ආතර් හා ලහිරු තිරිමාන්න තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවද ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයෙහි දැක්වේ.
– Creeda Sports Network –[/vc_column_text][/vc_column][/vc_row]