ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9ක් වෙන්දේසියට

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14වන අදියර සදහා වන ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි මස 18වනදා චෙන්නායිහිදී පැවැත්වීමට නියමිතය. වෙන්දේසිය සදහා ඉදිරිපත් කරන අවසන් ක්‍රීඩක ලයිස්තුවෙ ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කෙරිනි.

ඒ අනුව මෙවර වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයන් 292ක් තෝරාගෙන ඇත. IPL වෙන්දේසිය වෙනුවෙන් මෙවර ක්‍රීඩකයන් 1114ක් පමණ ලියාපදිංචි වූ අතර කණ්ඩායම් හිමිකරුවන් විසින් ඔවුන්ගේ කෙටි ලයිස්තු ලබා දීමෙන් අනතුරුව වෙන්දේසිය සදහා ඉදිරිපත් කරන ක්‍රීඩකයන් ගණන 292ක් දක්වා අඩුකෙරිණි.

මෙම ක්‍රීඩකයන් 292 අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9 දෙනෙක්ද ඇතුළත්ය.ඔවුන් අතුරින් ක්‍රීඩකයන් හයදෙනෙකුගේ ආරම්භක ලංසුව ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් වන අතර ඉතිරි ක්‍රීඩකයන් තිදෙනාගේ ආරම්භක ලංසුව ඉන්දීය රුපියල් ලක්ෂ 20කි.

IPL වෙන්දේසියට ඇතුළත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

ක්‍රීඩකයා ආරම්භක ලංසුව
(ඉන්දීය රුපියල්)
කුසල් පෙරේරා ලක්ෂ 50
තිසර පෙරේරා ලක්ෂ 50
වනිදු හසරංග ලක්ෂ 50
දසුන් ශානක ලක්ෂ 50
ඉසුරු උදාන ලක්ෂ 50
දුෂ්මන්ත චමීර ලක්ෂ 50
කෙවින් කොත්තිගොඩ ලක්ෂ 20
මහේෂ් තීක්ෂණ ලක්ෂ 20
විජයකාන්ත් වියස්කාන්ත් ලක්ෂ 20

– Creeda Sports Network –

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_video link=”https://www.youtube.com/watch?v=dvcQen_10C0″ title=”Mystery Bowler – Maheesh Theekshana”][/vc_column][/vc_row]

Back To Top