වයස අවු 23න් පහළ සීමිත පන්දුවාර තරගාවලිය යළිත් කරලියට

[vc_row][vc_column][vc_column_text]කොවිඩ් 19 රෝගී තත්වයන් හේතුවෙන් අතහැර දැමුණු අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ සීමිත පන්දුවාර තරගාවලියේ අවසන් වටයේ තරග මෙම මසදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. මූලික වටයේ තරග අවසානයේදී එක් එක් කාණ්ඩයේ පෙරමුණ හිමිකරගත් ක්‍රීඩා සමාජ අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලැබීය.

SSC කණ්ඩායම හා Baduraliya ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේදීද Colts ක්‍රීඩා සමාජ කණ්ඩායම හා Lankan ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරගය කොළඹ P.Sara Oval ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතයි.

පෙබරවාරි මස 26 වනදා අවසන් පූර්ව තරග පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය පෙබරවාරි මස 28වනදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවත්වෙනු ඇත.

– Creeda Sports Network –[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top