ක්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක් පත් නොකරන්නැයි ක්‍රීඩා අමාත්‍යාවරයාට ලිපියක්.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත ක්‍රීඩා සමාජ 50කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකොට ඇත. එම ඉල්ලීමෙහි දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපානයට අතුරු කමිටුවක් පත් නොකරන ලෙසටයි.

මෙම වසරේ පෙබරවාරි මස 20වනදායින් හිටපු නිළධාරීන්ගේ ධූර කාලය නිමාවට පත් වූ අතර නව නිළධාරීන් තෝරා පත්කරගැනීම සදහා වන මැතිවරණය මැයි මාසයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වත්මන් පාලනයට ඉදිරියට යා නොහැකි බවත්, වාර්ෂික මහාසභා රැස්වීම තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු නතර කළ යුතු බවත් නීතිපති කාර්‍යාලය දැනුම් දී ඇත.

මැයි 20වනදා පැවැත්වෙන එම වාර්ෂික මහාසභා රැස්වීම තෙක් පරිපාලනය අධීක්ෂණය වෙනුවෙන් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරන ලෙස නීතිපති කාර්‍යාලය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව ක්‍රීඩා සමාජ විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපිය යොමුකොට ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top