ලෝක ටෙස්ට් ශූරතාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාව තුළ තරඟ 10කට මුහුණ දී තිබෙනවා. එම තරඟ අතරින් ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ එක් තරගයක් පමණයි.

තරඟ හයක් පරාජයට පත්වුණු අතර තරඟ තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

කෙසේ නමුත් මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නෙ මෙවර ටෙස්ට් ලෝක ශූරතාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවන් පිළිබඳව.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු තරග 10ටම ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලෝක ටෙස්ට් ශූරතාවලියේදී වැඩිම ලකුණු රැස් කර ඇති ක්‍රීඩකයා ලෙස වාර්තා වනවා.

ඔහු තරග 10 කදී ලකුණු 621ක් රැස් කර තිබෙන්නේ අර්ධ ශතක පහක් ද සමගින්. නිරෝෂන් දික්වැල්ල ලෝක ටෙස්ට් ශූරතාවලියේ දී රැස් කළ ඇති ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 96ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක ටෙස්ට් ශූරතාවලියේ දී ලකුණු 400 සීමාවේ ඉක්මවීමට සමත් වුණු සෙසු පිතිකරුවන් වන්නේ නායක දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න සහ ධනංජය ඩි සිල්වා.

සටහන – Cree-Da Sports Network [/vc_column_text][/vc_column][/vc_row]

Back To Top