අවසන් කණ්ඩායම් 8 අතර සටන අද ඇරඹෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ තරග වටය හෙවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (07 වැනිදා) දිනයේදී පැවැත්වෙනු ඇත.

බදුරලිය සහ මුවර්ස් අතර තරගය මොරටුවේදීත්, රාගම සහ ටැමිල් යුනියන් අතර තරගය කටුනායකදීත්, එන්. සී. සී. සහ නාවික හමුදා අතර තරගය කෝල්ට්ස් හිදීත් සහ එස්. එස්. සී. සහ යුද හමුදා අතර තරගය පී. සරා ඕවල් ක්‍රීඩාංගණවලදීත් පැවැත්වෙනු ඇත.

මෙම තරගවලින් ජය ගනු ලබන කණ්ඩායම් ලබන 09 වැනිදා සී. සී. සී. පිටියේ සහ එන්. සී. සී. පිටියේ පැවැත්වීමට නියමිත අර්ධ අවසන් තරග වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. අවසන් මහ තරගය ලබන අප්‍රේල් 11 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙනු ඇත.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top