ඉන්දියාවේ ක්‍රිකට් බේරගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් යෝජනාවක්

[vc_row][vc_column][vc_column_text]කොරෝනා වෛරසය හේතුවෙන් අතර මඟදී අත්හිටුවන ලද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කළ හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කලමනාකරණ කමිටු ප්‍රධානියා වන මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

ඉන්දියාවේ ප්‍රධාන පුවත්පතක් වන ඩෙකෑන් ක්‍රොනිකල් පුවත්පතට අදහස් දක්වමින් ඒ මහතා ඒ පිළිබඳව පවසා තිබෙන අතර එම යෝජනාව මේ වන විට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ටද දැනුම් දී තිබේ. ඉන්දීය ක්‍රිකට් සභාපති සව්රව් ගංගුලි පවසන අන්දමට මෙම තරගාවලිය නිමා කර ගැනීමට නොහැකි වුවහොත් එහි අලාභය ඉන්දීය රුපියල් කෝටි 2500 ක් (ඩොලර් මිලියන 340 ක් පමණ) පමණ වන බවයි. “අපිට අනිවාර්යයෙන්ම මේ තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දෙන්න සැප්තැම්බර් මසදී අවස්ථාවක් තියෙනවා. එක්සත් අරාබියත් ඔවුන්ගේ විකල්පයක් කියලා ආරංචියි. කොහොම වුණත් ඔවුන්ට ශ්‍රී ලංකාවෝ යෝජනාව ලේසියන් ඉවතලන්න බෑ”යි මේ පිළිබඳව මහචාර්යවරයා අදහස් දක්වා තිබේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top