[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් බංගලාදේශයේ ඩකා නුවර බලා පිටත් වුණා.
කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ගෙවුණු දින කිහිපය තුළ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී නිරෝධානයනට ලක්වී පසුව ජෛව ආරක්ෂක පරිසරයක් තුළ පුහුණුවිම්ද සිදුකර අද දිනයේදී මෙලෙස දිවයිනෙන් පිටත් වුණා.
දෙරට අතර එක්දින තරඟාවලිය මැයි මස 23 වන දින ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම මෙම තරඟාවලිය ICC එක්දින ලෝක කුසලාන සුපර් ලීගයටද ඇතුළත් වනවා. තරඟාවලියේ සියලු තරඟ පැවැත්වෙන්නේ ඩකා හි ශෙරේ බංගලා ක්‍රීඩාංගණයේදී යි.
[/vc_column_text][/vc_column][/vc_row]