[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගත අභිවෘද්ධිය ඉලක්ක කරගනිමින් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව මීට මාස කිහිපයකට ඉහත දී පිහිටුවනු ලැබුවා. අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම තාක්ෂණික කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස පත්කෙරුණු ටොම් මූඩි මහතා සමග එක්ව ක්‍රීඩකයින් සඳහා ගෙවීම් සිදු කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබුවා.
මෙම ක්‍රමවේදයට අනුව ක්‍රීඩකයන්ගේ වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තු වටිනාකම් සංශෝධනය කෙරුණු අතර, ඔවුන් තරඟාවලි ජයග්‍රහණය කරන විට ඔවුන්ට ලබාදෙන ලබාදෙන දීමනා වල ද වෙනස්කම් රැසක් සිදු කරනු ලැබුවා.
කෙසේ නමුත් මෙම නව ගෙවිම් ක්‍රමවේදයන්ට ක්‍රීඩකයින් රැසක් එකඟ වී නැහැ. ඔවුන් මේ පිළිබඳව ක්‍රිකට් ආයතනයට දිගින් දිගටම පැමිනිලි සිදු කරනු ලැබුවා.
මේ අතරවාරයේ මෙම ක්‍රමවේදය හඳුන්වාදුන් ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා වන අරවින්ද ද සිල්වා මේ පිළිබඳව මේ ආකාරයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.
ක්‍රීඩකයින් මෙම නව ක්‍රමවේදයට එරෙහිව පැමිණිලි කිරිම කිරිම ඉතාම අසාධාරණයි. අපි ඔවුන්ට ඉතාමත් සාධාරණ ක්‍රමවේදයක් හදුන්වල දීල තියෙන්නේ. අපි හඳුන්වලා දීලා තියෙන්නෙ දක්ෂතා මත ගෙවීම් කරන ක්‍රමවේදයක්.
අපි මේ පිළිබඳව ඉතාමත් හොඳින් සාකච්ඡා කරලා තමයි ක්‍රීඩකයින් වෙත මෙම නව ගෙවීම් ක්‍රමවේදය හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ වගේම අපි පෙරට වඩා ඔවුන්ගේ දක්ෂතා මත සහ තරඟ ජයග්‍රහණය මත ලබා දෙන දීමනා ඉහළ නංවලා තියෙනවා.
ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළොත් මින් පෙර අපි කණ්ඩායමට ලබා දෙන අමරිකානු ඩොලර් 50000ක මුදල අපි ඩොලර් 150000ක් කරලා තියෙනවා.
එමෙන්ම සීමිත පන්දුවාර තරඟාවලි ජයග්‍රහණය කදී අපි ඔවුන්ට මීට පෙර පිරිනැමුවේ අමරිකානු ඩොලර් 25000 දීමනාවක්. ඒ දීමනාව අපි ඩොලර් 75,000ක් කරල තියනවා.
ඒ නිසා ඔවුන් පැමිණිලි කිරීමට පෙර මුලින්ම රට වෙනුවෙන් ධනාත්මකව ක්‍රීඩා කරලා තරඟ ජයග්‍රහණය කළ යුතුයි.
මේ ආකාරයෙන් ක්‍රීඩකයින් සහ නව ගෙවීම් ක්‍රමවේදය හඳුන්වාදුන් තාක්ෂණික කමිටුව අතර උද්ගතවී ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා Daily News පුවත්පතට අදහස් පළකර තිබෙනවා.
ක්‍රීඩකයින්ට වාර්ශික කොන්ත්‍රාත්තුවට අනුව මාසිකව ලැබෙන ගෙවීම් අගන් පහත ඡායාරූපයේ දැක්වේ.
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]