[vc_row][vc_column][vc_column_text]
ක්‍රිකට් ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගත කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදයේ විනිවිද භාවය පිළිබඳව වූ ගැටළුවට මේ වන තෙක් විසඳුම් නොලැබී යෑම මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින් එම කොන්ත්‍රාත්තුවට අත්සන් නොතැබීමට තීරණය කර තිබෙන බව සිය නීතිඥයා මාර්ගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අද (05දා) දන්වා යවා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වූ කොන්ත්‍රාත් අත්සන් තැබීමට නියමිත අවසන් දිනය බවට ඉකුත් ජුනි 03 වැනිදා නම් කෙරුණත් ක්‍රීඩකයින් ඒ පිළිබඳව තැකීමක් නොකළහ. ඒ අනුව එම දිනය මේ මස 06 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබුවද ක්‍රීඩකයින්ට බලාපොරොත්තු වන ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමෙහි ක්‍රමවේදයේ විනිවිධ භාවය පිළිබඳව වන ගැටළුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළියම් ලබා දීමට අපොහොසත්ව සිටීම මෙකී අත්සන් නොකිරීමට හේතු ලෙස ක්‍රීඩකයින් දන්වා එවා තිබේ.
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක දිමුත් කරුණාරත්න, එක්දින සහ විස්සයි-20 නායක කුසල් පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් 38 දෙනෙකු වෙනුවෙන් නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා විසින් මෙම ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එවා තිබේ.
එම ලිපියට අනුව කොන්ත්‍රාත්ගත කිරීමේ ගැටළුවට නිසි පිළිතුරක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිසිවෙකුත් සංචාර ගිවිසුම් යටතේ හෝ ඉදිරි සංචාර සඳහා ගිවිසුමකට අත්සන් නොතබන බවට තීරණය කර තිබෙන බවද සඳහන් කර තිබේ.
විනිවිදභාවයේ ප්‍රශ්න මත අසාධාරණ සහ පදනම් විරහිත ගිවිසුම් අත්සන් කිරීමට ක්‍රීඩකයින් එකඟ නොවූවත්, ඉදිරි එංගලන්ත සංචාරය ඇතුළු අනෙකුත් සංචාරවලට ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බවත්, ගිවිසුම් අත්සන් නොකළ පදනම මත ක්‍රීඩකයින්ට වැටුප් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ විටෙක වුවද ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එය බාධාවක් නොවන බවත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ක්‍රීඩකයින්ගේ පළමු සහ එකම අභිප්‍රාය බවත් එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී සිටියි.
එම ලිපිය පහතින් දැක්වේ.
[/vc_column_text][/vc_column][/vc_row]