ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට සියල්ල සූදානමින්!

[vc_row][vc_column][vc_column_text]කුළුදුල් ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟය හෙට දිනයේදී එංගලන්තයේ Southampton හී Hampshire Bowl ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙන ආකාරයේ ඡායාරූපයන් රැසක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතින ආකාරය දක්නට ලැබෙනවා.

ඉන්දියාව සහ නවසීලන්තය කුළුදුල් ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට පිවිසීමට නියමිත වනවා. එහිදී නවසීලන්තය Kane Williamson විසිනුත් සුපුරුදු පරිදි ඉන්දියාව Virat Kohli විසිනුත් මෙහෙයවීමට නියමිත වනවා.

තරඟය දෙපිලටම අතිශය තීරණාත්මක එකක් වන අතර තම පළමු ICC කුසලාන ජයග්‍රහණය අපේක්ෂාවෙන් නවසීලන්තයත් වසර ගණනාවක් පුරාවටම ආසන්නයට පැමිණ ICC ශූරතා ගණනාවක් ගිලිහී ගිය ඉන්දියාව මෙවර එය යථාර්ථයක් බවට පත්කර ගැනීමේ අරමුණ පෙරදැරිව තරඟයට පිවිසෙනු ඇති බවට විශ්වාස කල හැකිය.

Creeda Sports Network

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top