“යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය දෙවන වරටත් ආරම්භ වීමට නියමිතයි.

[vc_row][vc_column][vc_column_text]

ශ්රී ලංකා යුද හමුදා ක්රිකට් කමිටුව විසින් දෙවන වරටත් සංවිධාන කරනු ලබන මෙම තරගාවලිය දොඹගොඩ යුද හමුදා ක්රීඩාංගණයේදී මේ මස 31 වනදා ආරම්භ වනු ඇති.
හිටපු ශ්රී ලංකා ක්රිකට් නායකයන් වන දිනේෂ් චන්දිමාල් , තිසර පෙරේරා මෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කළ අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්රසන්න මෙවර ද කණ්ඩායම් හතර මෙහෙයවීමට නියමිතයි.
පසුගිය තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට දිනේෂ් චන්දිමාල් නායකත්වය ලබාදුන් ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායම සමත්වුණා.

මේ තරඟාවලිය සංවිධානය කිරීමේ මුලික අරමුණ වී ඇත්තේ ක්‍රීඩකයින් 350 කට වඩා ක්‍රිකට් ක්‍රීඩා කරන යුධ හමුදාව තුලින් හොඳම ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් එළැඹෙන පළමු පෙළ තරඟාවලියට ඇතුලත් කිරීමයි. එමෙන්ම ක්‍රීඩකයින් හට ජාතික මට්ටමේ අත්දැකීමක් ලබා දීමට යුධ හමුදාපති ලීගය හරහා හැකි වනවා.

මෙහිදි තරඟාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් හතර නිළ වශයෙන් එළිදැක්වුණා. නැගී එන ක්‍රීඩකයින් හා අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයින් උරෙනුර ගැටෙන තරඟාවලියේ Eastern Warriors කණ්ඩායම සඳහා පුර්ණ අනුග්‍රාහකත්වය දක්වන්නේ Batsman.com විසින්. ඒ කණ්ඩායම සඳහා Ceylon Agro Industries ආයතනයද උප අනුග්‍රාහකත්වය දක්වනවා. මෙරට පාසල්  පිටියේ සිට ජාතික තලය දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා Batsman අපි තබන තවත් ඉදිරි පියවරක්  මේ සමගින් සනිටුහන් වනවා.

තරඟාවලියට එක්වෙන කණ්ඩායම් හා එහි නායකයින් මෙසේයි.

Batsman.com Eastern Warriors – අසේල ගුණරත්න

Dimo Southern Warriors – දිනේෂ් චන්දිමාල්

Event TV Western Warriors – තිසර පෙරේරා

Super Fashion Northern Warriors – සික්කුගේ ප්‍රසන්න

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top