ක්‍රීඩකයින් 18 දෙනෙකුට කොන්ත්‍රාත් පිරිනමයි

[vc_row][vc_column][vc_column_text]2021 වසරේ අගෝස්තු 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 18 දෙනෙකු සඳහා කොන්ත්‍රාත් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. නව කොන්ත්‍රාත්තුව මාස 5 ක කාලයක් සඳහා බලපැවැත්වෙන අතර එය 2021 වසරේ දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වේ. තාක්ෂණික උපදේශක කමිටුව සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සකස් කරන ලද මෙම කොන්ත්‍රාත්තුවට කිසිදු විරෝධතාවයක් නොමැතිව ක්‍රීඩකයින් අත්සන් තබා තිබේ.

අදාළ කොන්ත්‍රාත් පිරිනැමීමේදී තේරීම් මණ්ඩලය විසින් ක්‍රීඩකයින්ව කාණ්ඩ හතරක් යටතේ තෝරා ගැනීම් සිදුකර තිබෙන අතර දක්ෂතාවය, ශාරීරික යෝග්‍යතාවය, නායකත්ව, ජ්‍යෙෂ්ඨත්වය, වෘත්තීයභාවය, හැසිරීම් මාලාව සහ අනාගතය සඳහා වන අනුවර්තනය යන නිර්ණායකයන් මත පදනම්ව ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත් පිරිනමා තිබේ.

මෙහිදී එක් එක් ක්‍රීඩකයින්ට පිරිනමන ලද ලකුණු ඔවුනොවුන් අතර හුවමාරු කර ගැනීම සඳහා ඉඩ කඩ ලබාදීමට පියවර ගැනීමෙන් පෙර ක්‍රීඩකයින් මෙම කොන්ත්‍රාත්තුවට අත්සන් තබනු ලැබීය.

මේ අතර මීට පෙර කොන්ත්‍රාත්ගතව සිටි ඇන්ජලෝ මැතිව්ස් ඉකුත් මාස කීපයේදීම තේරීම් සඳහා සලකා බැලීමට නොහැකි වූ බැවින් ඔහුව කොන්ත්‍රාත්තු අත්සන් කිරීම සඳහා ඇතුළත් කොට නොමැත. ඊට අමතරව දැනට තහනමට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකවද මෙම කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව නොමැති අතර ඉසුරු උදාන ජාත්‍යන්තර පිටියට සමුදී තිබේ.

කොන්ත්‍රාත්තුවට අත්සන් තබන ලද ක්‍රීඩකයින් – ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, දසුන් ශානක, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර, අෂේන් බණ්ඩාර, අකිල ධනංජය[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top