වනිඳු සහ චමීරට අයි.පී.එල්. යන්න අවසර

[vc_row][vc_column][vc_column_text]

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට සහ වේග පන්දු යවන දුෂ්මන්ත චමීරට අවසරය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අරවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමඟ සිදුකරන ලද සාකච්ඡාවකින් පසු මොවුන් දෙදෙනාට එම අවසරය ලබා දී තිබේ.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් 02 වැනිදායින් ආරම්භ වන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අවසන් වන සැප්තැම්බර් මස 15 වැනිදායින් පසු ඔවුන්ට අයි.පී.එල්. තරගාවලිය සඳහා සහභාගිවීමේ අවසරය හිමිවනු ඇත. කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් ඕමානයේ පැවැත්වෙන පුහුණු තරග දෙකට ක්‍රීඩා කිරීම සඳහා මොවුන් ඔක්තෝම්බර් 10 වැනිදා වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිත වනු ඇත.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top