ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලෝක කුසලාන තරගාවලියට එක්වෙයි ?

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑමට නියමිත බවට වාර්තා වෙයි. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා සංචිතය සමගින් ලෝක කුසලාන තරගාවලියට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කොට ඇත.

ඕනෑම විදෙස් තරගාවලියක් වෙනුවෙන් එක් තේරීම් කමිටු සාමාජිකයෙක්හට කණ්ඩායම සමගින් සංචාරය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සලසා දෙනු ලබයි. දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් මෙරටදී පැවති තරගාවලියේදීද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩකයන් සමග එකම හෝටලය තුළ රැදී සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග උපුටා දක්වමින් Pakistan Observer වෙබ් අඩවිය වාර්තා කොට අත්තේ එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්ද, දකුණු අප්‍රිකානු තරගාවලියේ පුහුණු කාර්‍යමණ්ඩලයම යොදාගැනීමට බලාපොරොත්තු වන බවයි. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී නිරෝධනය අවසන් කිරීමට නියමිත අතර හෙට දිනයේ පටන් කුඩා කණ්ඩායම් වලට බෙදී පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කොට ඇත.

සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් හා පුහුණු කාර්‍යමණ්ඩල සාමාජිකයන් සියලු දෙනාගේම PCR පරීක්ෂණ සෘණාත්මක විය. ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මස 3වනදා ඕමානය බලා පිටත්ව යාමට නියමිතය.

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top