Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ශෙහාන්ගේ පිළ Pacific Conference කාණ්ඩයේ අවසන් මහා තරගයට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය නියෝජනය කරන Silicon Valley Stickers කණ්ඩායම Pacific Conference කාණ්ඩයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත. ඒ Pecific Conference කාණ්ඩයේ අවසන් පූර්ව වටයේදී Austin Athletics කණ්ඩායම පරාජයට පත් කරමිනි.

මෙම තරගාවලියේ එක් එක් කාණ්ඩයේදී අවසන් පූර්ව තරග 3ක් පැවැත්වෙන අතර Austin Athletics කණ්ඩායම සමගින් පැවති තරග 3න් 2ක් ජයග්‍රහණය කරමින් ශෙහාන් ජයසූරිය නියෝජනය කරන Silicon Valley Stickers කණ්ඩායම එම කාණ්ඩයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. එම අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී Silicon Valley Stickers කණ්ඩායම ජයගනිද්දී , ශෙහාන් ජයසූරිය එම තරගයේදී ලකුණු 78ක් රැස්කිරීමට සමත් විය. එම තරගයේ වීරයා ලෙසින්ද ශෙහාන් ජයසූරිය සම්මාන ලැබීය

ඉන් අනතුරුව පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් කඩුලු 7ක ජයක් ලබාගැනීමට ප්‍රතිවාදී Austin Athletics කණ්ඩායම සමත් විය. තීරණාත්මක තෙවන අවසන් පූර්ව වටයේදී ඉන්දීය ක්‍රීඩක උන්මුක්ට් චාන්ඩ් පන්දු 69කදී වේගවත් ලකුණු 132ක් රැස්කරමින් Silicon Valley Stickers කණ්ඩායම අවසන් මහා තරගය කරා රැගෙන යාමට සමත් විය.

Pacific Conference කාණ්ඩයෙන් අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලබා ඇති අනෙක් කණ්ඩායම වනුයේ Golden State Grizzlies කණ්ඩායමයි. මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම Athlantic Conference කාණ්ඩයේ ශූරතාවය හිමිකරගන්නා කණ්ඩායම සමගින් Minor League තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

MiCL තරගාවලිය තුළදී ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය වැඩිම ලකුණු ලාභීන් අතර 6වන ස්ථානයෙහි රැදී සිටියි.ඉනීම 16ක් තුළදී ලකුණු 482ක් රැස්කිරීමට ශෙහාන් සමත්ව ඇත්තේ 32.13ක පිතිකරණ සාමාන්‍ය‍යක් රදවාගනිමිනි. තරගාවලිය තුළදී පන්දුවාර 17ක් ක්‍රියාත්මක කොට ඇති ශෙහාන් කඩුලු 6ක් දවාගැනීමට සමත් වී ඇත. වැඩිම ලකුණු ලාභීන් අතර පස්වන ස්ථානය උන්මුක්ට් චාන්ඩ්ට හිමි වී ඇති අතර ඔහු තරග 14කදී ලකුණු 532ක් රැස්කොට ඇත.

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top