[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග,සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයන් 19දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කොට ඇත. පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය එළඹෙන ඔක්තෝබර් මස 28වනදා ආරම්භ වීමට නියමිත අතර නොවැම්බර් මස 14වනදා තෙක් තරග පැවත්වෙයි.
සංචාරයට සිව්දින තරග 2ක් හා එක්දින තරග 3ක් ඇතුළත්ය. තරගාවලිය කොළඹ හා මහනුවරදී පැවැත්වීමට සැලසුම් කොට ඇත. සංචාරය වෙනුවෙන් නම් කළ පාකිස්තාන සංචිතයේ නායකත්වය වමත් පිතිකරු සෞඩ් ශකීල්ට හිමිවී ඇත. ඔහු මින් පෙර එංගලන්තයේදී පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 3කට ක්‍රීඩා කොට ඇත.
එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ්ද ශ්‍රී ලංකා තරග සංචාරයට නම් කෙරුනු පාකිස්තාන A කණ්ඩායමට ඇතුළත්ය. මීට අමතරව පාකිස්තාන කණ්ඩායම නියෝජනය කළ හයිඩර් අලී, සාහිද් මොහොමඩ්, උස්මාන් සලහුදීන්, අබ්දුල්ලා ශාෆික් වැනි ක්‍රීඩකයන්ද පාකිස්තාන A සංචිතයට ඇතුළත්ව සිටියි.
එළඹෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොටගනිමින් යොවුන් ක්‍රීඩකයන් තිදෙනෙකු සංචිතයට ඇතුළත් කිරීමට පාකිස්තාන බලධාරීන් තීරණය කොට ඇත. එම ක්‍රීඩකයන් තිදෙනා වනුයේ සල්මන් ඛාන්, කාසිම් අක්රම් යන ක්‍රීඩකයන්ය.
පාකිස්තාන සංචිතය
තරග ආකෘති දෙකම ක්‍රීඩා කරන ක්‍රීඩකයන්
Saud Shakeel (C), Haider Ali, Abdullah Shafique , Abrar Ahmed ,Arshad Iqbal ,Irfanullah Shah, Kamran Ghulam ,Khurram Shahzad , Mohammad Haris , Naseem Shah , Qasim Akram , Salman Ali Agha, Salman Khan ,Zahid Mahmood
එක්දින තරග පමණක් ක්‍රීඩාකරන ක්‍රීඩකයන්
Akif Javed, Abbas Afridi
සිව්දින තරග පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්
Ahmed Safi Abdullah, Omair Bin Yousuf, Usman Salahuddin
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]