[vc_row][vc_column][vc_column_text]එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී දිවයිනෙන් පිටත් වීමට නියමිතය. තරගාවලියට එක්වීමට පෙරාතුව ඊයේ දිනයේදී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක අදහස් දැක්වීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පුහුණු තරගවලදී හොදින් දක්ෂතා අතට පැමිණි බවත් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට හොදින් සූදානම් බවත් දසුන් ශානක ප්‍රකාශ කළේය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තණකොළ සහිත ක්‍රීඩා පිටි යොදාගෙන ඇති බැවින් ලෝක කුසලාන තරගාවලියේ තණතීරුද පිතිකරුවන්ට යෝග්‍ය ලෙස හැසිරෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද දසුන් ශානක ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන පුහුණු උපදේශක මහේල ජයවර්ධන පිළිබදවද,දසුන් ශානක අදහස් දැක්වීය.
” සාජා වල විතරයි විකට් එකේ එන්නැති ගතියක් තිබ්බෙ. අපේ දෙන්නෙක් IPL එකේ ඉන්න නිසා ඒ දෙන්න හමුවුනාම එයාල එක්ක සාකච්ඡා කරල සැලසුම් හදාගන්න පුලුවං වෙයි කියල හිතෙනවා. මහේල එක්වීම කණ්ඩායමට ලොකු වාසියක්. එයාට තියෙන එක්ස්පීරියන්ස් එක ලංකාවෙ ඉන්න පුහුණුකරුවො ගොඩක් දෙනෙක්ට නෑ.”
ඕමානය සමගින් පැවැත්වෙන පුහුණු තරග දෙක සම්බන්ධයෙනද දසුන් ශානක අදහස් පළ කරමින් කියා සිටියේ පිතිකරුවන්ගෙන් උපරිමය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි. පන්දු යවන්නට හොද ලකුණු පුවරුවක් සකසා දුනහොත් ලෝක කුසලාන තරගාවලියේදීද එය වාසි සහගත වනු ඇතැයි දසුන්ගේ අදහසයි. අලුතින් එක් කළ ක්‍රීඩකයන්ගෙන් අවසන් 15ට කවුරුන් එක් කරන්නෙද යන්න තවමත් තීරණය කොට නොමැති බව දසුන් ප්‍රකාශ කළේය.
” මෑත කාලීනව ප්‍රේක්ෂකයන්ගේ පිබිදීමක් තියෙනවා. ඒවගේම හොද ප්‍රතිචාර හම්බුනා. ප්‍රේක්ෂකයන්ට ස්තුතිවන්ත වෙනවා අපිට සහයෝගය දැක්වීම ගැන. ඒ වගේම ඉදිරි තරගාවලීහිදීද ඔවුන් අපිව දිරිමත් කරයි කියල බලාපොරොත්තු වෙනවා.”
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]