[vc_row][vc_column][vc_column_text]
ඕමානය හා පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය ලකුණු 19කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. මේත් සමගින් තරඟාවලිය 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේය.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕමාන ආරාධනයෙන් ශ්‍රී ලංකාව මුළින්ම පන්දුවට පහර දීමට පැමිණියේය. නමුත් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ ආරම්භය ලබා ගැනීමට ඕමාන පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්නේ ආරම්භක පිතිකරු දිනේශ් චන්දිමාල් දෙවන පන්දුවාරයේදී ලකුණු නොලබාම දැවී යාම හේතුවෙනි. අනතුරුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් ද පළමු පන්දුවේදීම දවාගැනීම ෆයාස් බට් විසින් සමත් වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 7-2 බවට පත් කරමිනි.
ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද පන්දු 14ක් තුළ ලකුණු 8 කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් අසීරුතාවයකට පත් කරමිනි. පන්දු 21 කදී ලකුණු 15ක් ලබාගෙන සිටි භානුක රාජපක්ෂ දැවී යන විටදී ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 10.4 ක් තුළ කඩුලු 4 කට ලකුණු 51ක් ලෙසින් සටහන් වූ අතරම ඒ වන විට පැවති තත්ත්වය අනුව ලකුණු 120 සීමාවට ළඟා වීමත් අපහසු වන ආකාරයක් දක්නට ලැබුණි. නමුත් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ අවිශ්ක ප්‍රනාන්දු ට එක් වූ නායක දසුන් ශානක විසින් තරඟය නැවත වතාවක් ශ්‍රී ලංකාව දෙසට ගැනීමට සමත් විය.
ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩිකරගත් අවිශ්ක ප්‍රනාන්දු විසින් තම විස්සයි විස්ස දිවියේ මංගල අර්ධ ශතකය රැස් කරගන්නා ලදී. ඉන් අනතුරුව දසුන් ශානක සහ අවිශ්ක විසින් ඕමාන පන්දු යවන්නන් හට දිගට හරහට පිටිය පුරා පහර දුන්නේ ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා දමමිනි. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු විසින් පන්දු 59ක් තුළදී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් ද සමගින් නොදැවී ලකුණු 83ක් රැස් කළේය. ඔහුට අනගි සහයක් ලබා දුන් නායක දසුන් ශානක විසින් පන්දු 24ක් තුළදී හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමගින් වේගවත් ලකුණු 51ක් රැස් කළේ ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 162ක් දක්වා රැගෙන යමිනි. දසුන් සහ අවිශ්ක පන්දුවාර 9.2 ක් තුළ ලකුණු 111 ක නොබිඳුනු සබඳතාවයක් ගොඩනැගූ අතරම අවසන් පන්දුවාර 5 තුළදී ලකුණු 76ක් රැස් කිරීනමටද සමත් විය.
ලකුණු 163 ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඕමානයට බලාපොරොත්තු වූ ආරම්භය ලබා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දෙපළ වූ නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නේ නැත. ඕමාන මුල් කඩුලු ද්විත්වය ලකුණු 10ක් තුළ බිඳ හෙලීමට නුවන් ප්‍රදීප් සමත් වූ අතරම මීළඟ කඩුලු ද්විත්වය ලකුණු 25ක් වද්දී බිඳ හෙලීමට ළහිරු කුමාරට හැකි වූයේය. ඕමානය PowerPlay අවස්ථාව තුළදී කඩුලු 4ක් බිඳ වැටී රැස් කළේ ලකුණු 25ක් පමණි.
අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඕමානය හොඳින් පාලනය කර තබා ගැනීමට සමත් වූවත් ඉනිමේ අග භාගයේදී වේගවත් ඉනිමක් දියත් කළ නසීම් කුශී විසින් පන්දු 22 කදී හතරේ පහර 2ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 40ක් රැස් කළද එය ඕමාන ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර විසින් පන්දුවාර 4 තුළදී ලකුණු 30 කට කඩුලු 4ක් දවා ගත්තේය. මීළඟ තරඟය ඔක්තෝබර් 9 වනදා මෙම ක්‍රීඩාංගනයේදීම පැවැත්වීමට නියමිත වේ.
තරඟ සාරාංශය
ශ්‍රී ලංකාව 162-4 (20)
අවිශ්ක ප්‍රනාන්දු 83(59)*, දසුන් ශානක 51(24)*, භානුක රාජපක්ෂ 15(21)
ෆයාස් බට් 42/2, කලීමුල්ලාහ් 18/1, කවාර් අලී 18/1
ඕමානය 143-8 (20)
නසීම් කුශී 40(22), මොහමඩ් නදීම් 32(32), අයන් කාන් 23(25)
ළහිරු කුමාර 30/4, නුවන් ප්‍රදීප් 7/2, චාමික කරුණාරත්න 28/2
[/vc_column_text][/vc_column][/vc_row]