දුනිත් වෙල්ලාලගේට නායකත්වය !

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. එළඹෙන ඔක්තෝබර් මස 15වනදා ආරම්භ වන තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හිමිවී ඇත.

දකුණත් පිතිකරුවෙකු හා වමත් දගපන්දු යවන ක්‍රීඩකයෙකු වන දුනිත් වෙල්ලාලගේ දේශීය ක්‍රිකට් පිටියේදී ලන්කන් ක්‍රීඩා සමාජය නියෝජනය කරයි. දුනිත් පළමු පෙළ තරග 5කදී කඩුලු 20ක් දවාගෙන ඇති අතර සීමිත පන්දුවාර තරග 4කදී කඩුලු 8ක් දවාගෙන ඇත. දුනිත් වෙල්ලාලගේ පාසල් තරගවාරයේ දෙදින තරගවලදී ලකුණු 1805ක් රැස්කළ අතර කඩුලු 148ක්ද දවාගැනීමට සමත් වී ඇත.

මින් පෙර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ මතිෂ පතිරණ, චමිදු වික්‍රමසිංහ, යසිරු රොද්‍රිගෝ හා රවීන්ද සිල්වා බංග්ලාදේශයට එරෙහිව නම් කෙරුනු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ය. මෙම කණ්ඩායමට කොළඹ ශාන්ත ජෝසප් හා ශාන්ත පීතර මෙන්ම කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයන් තිදෙනෙකු බැගින් ඇතුළත්ය.

තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 15, 18, 20, 23 හා 25 යන දිනයන්හිදී දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය

Dunith Wellalage (Captain – St. Joseph’s College, Colombo)
Ryan Fernando (S. Thomas’ College, Mount Lavinia)
Raveen De Silva (Nalanda College, Colombo)
Sadeesha Jayawardena (St. Joseph’s College, Colombo)
Jeewaka Shasheen (Devapathiraja College, Rathgama)
Pawan Pathiraja (Trinity College, Kandy)
Chamindu Wickramasinghe (St. Anthony’s College, Katugasthota)
Vinuja Ranpul (Nalanda College, Colombo)
Sadisha Rajapaksa (Royal College, Colombo)
Shevon Daniel (St. Joseph’s College, Colombo)
Harindu Jayasekara (St. Thomas College, Matara)
Lahiru Dawatage (St. Peter’s College, Colombo)
Sasanka Nirmal (Devapathiraja College, Rathgama)
Malsha Tharupathi (Madampe MMV, Madampe)
Wanuja Sahan (St. Peter’s College, Colombo)
Danal Hemananda (St. Peter’s College, Colombo)
Treveen Mathews (St. Anthony’s College, Katugasthota)
Yasiru Rodrigo (S. Thomas’ College, Mount Lavinia)
Matheesha Pathirana (Trinity College, Kandy)
Lahiru Abeysinghe (St. Anthony’s College, Katugasthota)

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top