නුවන් ප්‍රදීප්ට පළමු තරග තුන අහිමි වන ලකුණු

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමිවනු ඇතැයි වාර්තා වේ. ඊයේ දිනයේදී ඕමානය සමග පැවති පළමු විස්සයි විස්ස තරගය අතරතුරදී වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්විය. 34 හැවිරිදි වියෙහි පසුවන නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නෙකු ලෙසින් කටයුතු කළේය.

ඒ හේතුවෙන් ඊයේ දිනයේදී නුවන් ප්‍රදීප්ට යැවීමට හැකිවූයේ පන්දුවාර 2ක් පමණි. එම පන්දුවාර 2 තුළදී ලකුණු 7කට කඩුලු 2ක් දවාගැනීමට ඔහු සමත් විය. ඊයේ දිනයේදී ඔහු ආබාධයකට ලක්වූයේ කලව ප්‍රදේශයේ මස්පිඩු ඉරීයාම හේතුවෙන් බවට වාර්තා වේ.

ඒ හේතුවෙන් සති හතරක පමණ කාලයක් ඔහුට සති හතරක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇතැයි ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කොට ඇත. හෙට දිනයේදී පැවැත්වෙන ඕමානයට එරෙහි තරගය හා ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග සියල්ලම අහිමි වනු ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු නිවේදනයක් නිකුත් කොට නොමැත.ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ අවසන් ක්‍රීඩකයන් 15 අතරටද නුවන් ප්‍රදීප් ඇතුළත්ය. නුවන් ප්‍රදීප් වෙනුවට ශ්‍රී ලංකා සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් වන ලහිරු කුමාර හෝ බිනුර ප්‍රනාන්දු යන දෙදෙනාගෙන් එක් අයෙකු අවසන් ක්‍රීඩකයන් 15 අතරට එක් කරනු ඇත

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top