මරාතා ඇරබියන්ස් පිල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් මෙවර මිලදී ගනී

[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරගාවලියේ පස්වන අදියර සදහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය ඊයේ රාත්‍රියේදී පැවැත්විණි. මෙවර ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ලොව පුරා රටවල් 26ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 1186ක් පමණ ඉදිරිපත් වී සිටියහ. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 6ක් පමණක් සහභාගි වෙයි.

මෙවර තරගාවලිය වෙනුවෙන් වනිදු හසරංග ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමෙහි රදවාගනිද්දී ඉසුරු උදානද බංග්ලා ටයිගර්ස් කණ්ඩායමෙහි රදවාගැනීමට කණ්ඩායම් හිමිකරුවන් තීරණය කොට ඇත. ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් වූ ක්‍රිකට් තරු රැසක් අතුරින් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8ක් තෝරා ගැනුනි.

පසුගිය වර තරගාවලිය නියෝජනය කළ මහේෂ් තීක්ෂණ, මතීෂ පතිරණ හා ධනංජය ලක්ෂාන් මෙවරද තරගාවලියට තෝරාගෙන ඇත. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හා දුෂ්මන්ත චමීරටද මෙවර T10 වරම් හිමිවී ඇත. ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංගද තෝරාගැනුනු ක්‍රීඩකයන් අතරට ඇතුළත්ය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා අදාල කණ්ඩායම්

වනිදු හසරංග – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්
ඉසුරු උදාන – බංග්ලා ටයිගර්ස්
මතීෂ පතිරණ – බංග්ලා ටයිගර්ස්
දුෂ්මන්ත චමීර – මරාතා ඇරබියන්ස්
ධනංජය ලක්ෂාන් – මරාතා ඇරබියන්ස්
මහේෂ් තීක්ෂණ – මරාතා ඇරබියන්ස්

උපුල් තරංග – නදර්න් වොරියස්
චාමික කරුණාරත්න – මරාතා ඇරබියන්ස්

 

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top