තීරණාත්මක ශ්‍රී ලංකා අයර්ලන්ත ගැටුම අද

[vc_row][vc_column][vc_column_text]

විස්සයි විස්ස ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ වට වලදී ශ්‍රී ලංකාව සහභාගී වන වඩාත් තීරණාත්මකම තරඟය වන අයර්ලන්තයට එරෙහි තරඟය අද දිනයේදී අබුඩාබි හීදී පැවැත්වීමට නියමිත වනවා. මෙම තරඟය ජයග්‍රහණය කිරීම බොහෝ දුරට ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ මූලික වටය සඳහා එක් අඩියක් තැබීමක් ලෙසටද හඳුන්වා දිය හැකියි. තරඟය අංශ කීපයකින්ම දෙපිළටම තීරණාත්මක වනවා,

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය යන කණ්ඩායම් ද්විත්වයම මෙම තරඟයට පිවිසෙන්නේ තමන් මුහුණ දුන් පළමු තරඟ ජයග්‍රහණයෙන් අනතුරුවය. නැමිබියා තරඟයට පෙර අප කියූ ආකාරයෙන්ම ශ්‍රී ලංකාව හොඳ දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එය සුදුසුකම් ලැබීමේ ඉදිරි තරඟ සඳහා විශාල ධන ලකුණක් වනු ඇති. මෙම තරඟය ජයග්‍රහණය කරන කණ්ඩායමට A කාණ්ඩයේ ප්‍රථම ස්ථානයට පත් වීමට හැකියාව ලැබෙන නිසාවෙන් කණ්ඩායම් ද්විත්වයම වඩාත් තරඟකාරී ලෙසින් තරඟයට පිවිසෙනු ඇති බව විශ්වාස කළ හැකි වනවා.

ශ්‍රී ලංකාව වර්තමාන විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි 10 වන ස්ථානයේ පසු වද්දී අයර්ලන්තය එහි 12 වන ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ වට වලදී හමුවන ප්‍රභලතම ප්‍රතිවාදියා වන්නේත් අයර්ලන්තයි. මීට ප්‍රථමව ශ්‍රී ලංකාව අයර්ලන්තය සමගින් 2009 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී තරඟ වැදුණ අතර එවර තරඟාවලියේ පෙරලිකාරයන් ලෙසින් සැලකුණ අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 9 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. එය දෙපිළ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියකදී එකිනෙක මුණ ගැසුණ ප්‍රථම මෙන්ම එකම අවස්ථාව වන අතර එහි දෙවැන්න අද සටහන් වනවා.

ශ්‍රී ලංකාව දෙසින් අද දිනයේදී ආරම්භක කඩුල්ල සහ මුල් පෙළ පිතිකරුවන්ගෙන් ලකුණු ලැබීම අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් වනවා. මන්දයත් ලෝක කුසලානයේ ඉදිරියට ගමන් කිරීමට නම් එය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට වාසියක් වන බැවිනුයි. කෙසේ වෙතත් අංක 4 ස්ථානයේ සහ අංක 5 ස්ථානයේ පිළිවෙලින් අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ යන දෙදෙනාගේ සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ මැදපෙළ කොඳුනාරටිය බවට පත්ව තිබෙනවා. ඔවුන් දෙදෙනා විසින් අවස්ථාවට අනුව හැඩගැසී අද දින අවශ්‍ය පරිදි තම පිතිකරණය සිදු කළ යුතුමයි.

පන්දු යැවීමේ අංශය දෙස අවධානය යොමුකළ විට ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර දෙපළගේ සාර්ථකත්වය ශ්‍රී ලංකාව දෙසින් විශාල ධන ලකුණක් ලෙසින් හැඳින්විය හැකි වනවා. නැමීබියා පිතිකරුවන් ට වඩා අත්දැකීම් බහුල පිතිකරු ලැයිස්තුවක් අයර්ලන්තය සහිත වූවත් චමීරට සහ කුමාරට ඔවුන්ට පීඩනය එල්ල කළ හැකියි. එවිට පෙර තරඟයේ මෙන්ම ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හට එම අතිරේක පීඩනයේ වාසිය ලබාගෙන කඩුලු ලබා ගත හැකි වනවා. මෙය දිගටම පවත්වාගෙන යා යුතු තත්ත්වයක්. චාමික කරුණාරත්න සහ දසුන් ශානක යන දෙපළද අවශ්‍ය පරිදි අවස්ථාවට ගැලපෙන ලෙසින් පන්දු යැවිය යුතු වනවා.

අයර්ලන්තය දෙසින් වඩාත් අවධානය යොමු කළ යුතු පන්දු යවන්නන් අතරට පෙර තරඟයේදී පන්දු 4 කින් කඩුලු 4ක් දවාගත් කර්ටිස් කැම්පර් ව හඳුන්වා දිය හැකියි. ඔහුටත් වඩා ශ්‍රී ලංකාව වඩා අවධානය යොමු කළ යුත්තේ වේග පන්දු යවන ජෝශුවා ලිට්ල් කෙරෙහියි. වමත් වේග පන්දුවෙන් ඔහු වර්තමානයේදී හොඳ රිද්මයක් පවත්වාගෙන සිටින ක්‍රීඩකයෙක් ලෙසින් හඳුන්වා දිය හැකි වනවා. ඔහුට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. වර්තමානයේදී දඟ පන්දුවෙන් දක්ෂතා දක්වන සිමී සිංග් අයර්ලන්තයේ ප්‍රධාන දඟ පන්දු අවිය ලෙසින් හඳුන්වා දිය හැකියි.

අයර්ලන්ත පිතිකරණ බලඇණිය දෙස අවධානය යොමු කරද්දී අත්දැකීම් බහුල කෙවින් ඕ’ බ්‍රයන් ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කරයි. ඔහුගේ කඩුල්ල කලින්ම දවා නොගන්නට ඔහු සෑහෙන තරම් හිසරදයක් වන ක්‍රීඩකයෙන් ලෙසින් නම් කළ හැකි වනවා. ඒ වගේම අනෙක් ආරම්භක පිතිකරු වන පොල් ස්ටර්ලිං කෙරෙහි ශ්‍රී ලංකාව විශේෂ අවධානය යොමු කළ යුතු වන කරුණක්. ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තරඟ 90ක් ක්‍රීඩා කොට ඇති ඔහු මෙම තරඟයේ කණ්ඩායම් ද්විත්වයේම සිටිනා අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්වීම නිවැරදියි. කෙවින් ඕ’බ්‍රයන් ද තරඟ 107ක් ක්‍රීඩා කොට තිබෙනවා. මීට අමතරව නායක ඇන්ඩි බිල්බ්‍රෙයින් සහ වර්තමානයේදී සුපිරි රිද්මයක පසුවන ගැරත් ඩිලානි ගේ පිතිහරඹයද ශ්‍රී ලංකාව ඉක්මනින්ම නවතා දැමිය යුතුයි. ගැරත් වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවෙකු ලෙසින් ප්‍රකට වනවා. කෙසේ වෙතත් කණ්ඩායම් ද්විත්වයම ජයග්‍රහණය කිරීමේ දැඩි අධිෂ්ඨානයකින් තරඟයට පිවිසෙන නිසාවෙන් ශ්‍රී ලංකාව තමන්ගේ උපරිමය තරඟයට යෙදවිය යුතුම බව අප විශ්වාස කොට සිටිනවා.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top