කණ්ඩායම සටන් කළ ආකාරය පිළිබඳව මට සතුටුයි – දසුන් ශානක

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ පැවති තීරණාත්මක තරඟය එංගලන්තයට ලකුණු 26 ක ජයග්‍රහණයක් ලබා දෙමින් අවසන් වුණා. ඒත් සමගින් 2021 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ගමනද අවසන් වූවා.

කෙසේ වෙතත් තරඟය අවසාන මොහොත වන තෙක්ම සටන් වැදීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතරම තරඟය අවසානයේදී තරඟයේ වීරයා වෙමින් විශිෂ්ට ශතකයක් රැස් කළ ජොස් බට්ලර් මෙන්ම ජයග්‍රාහී නායක ඔයින් මොගන් සහ පරාජිත නායක දසුන් ශානක පහත පරිදි තම අදහස් එක් කොට සිටියා,

පරාජිත ශ්‍රී ලංකා නායක දසුන් ශානක

“අපේ පන්දු යවන්නන් තරඟාවලිය පුරාවටම පළමු පන්දුවාර 10 ඉතාමත්ම හොඳින් පන්දු යැව්වා. නමුත් තරඟයේ අවසාන භාගයේදී එලෙස වුණේ නෑ. මෙම තරඟාවලිය අපේ ගොඩක් ක්‍රීඩකයන්ගේ පළමු ලෝක කුසලාන තරඟාවලිය. ඔවුන් අත්දැකීම් ලබද්දී මීට වඩා හොඳට ක්‍රීඩා කරාවි. පින්න වැටීම තරඟයේ දෙවනි භාගයේ විශාල බලපැමක් එල්ල කළා. අවශ්‍ය මොහොතේදීම කඩුලු බිඳ වැටීම තරඟය අපට අපහසු කළා. බට්ලර් ට සහ මෝගන් ට තරඟයේ ගෞරවය හිමිවිය යුතුයි. ඔවුන් හොඳින් තමන්ගේ අත්දැකීම් භාවිත කළා. මාස 6 කට කලින් අපි මේ විදිහට ක්‍රීඩා කළේ නෑ. අපි තරඟාවලියෙන් ඉවත් වුණත් ක්‍රීඩකයන් ලොකු ගමනක් ආවා. කණ්ඩායම ක්‍රීඩා කරපු විදිහ ගැන මම ගොඩක් සතුටට පත් වෙනවා.”

ජයග්‍රාහී එංගලන්ත නායක ඔයින් මෝගන්,

“අද දින රාත්‍රියේ අපි ක්‍රීඩා කරපු හැටි ගැන ඇත්තටම සතුටුයි. කණ්ඩායම ඉතාම හොඳින් සටන් කළා. තරඟයේ තත්ත්වය ඉක්මනින් වෙනස් වුණා. ටිමාල් මිල්ස් හට ඉවත් වීමට සිදු වීම අපිට වෙනම ප්‍රශ්නයක් ඇති කළා. නමුත් ලිවින්ග්ස්ටන් සහ මොයීන් අලි එම තත්ත්වය හොඳින් පාලනය කළා. ජොස් බට්ලර් දියත් කළේ ඔහු එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ ඉනිම් වලින් හොඳම ඉනිමක්. ඒ වගේම ඔහුගේ පන්දු රැකීමේ දක්ෂතාවයත් සුපිරියි. අපි එක දිගට ජයග්‍රහණයන් 4ක් ලබාගෙන හොඳ තත්ත්වයක ඉන්නේ. අත්දැකීම් එක්ක තරඟය හොඳින් වටහාගන්න අපිට හැකියාව ලැබුණා. ඔබට හැම තිස්සෙම ඔබ ගැන විශ්වාස කරන්න වෙනවා. අද අමාරු තරඟයක් තිබුණේ. ඒ මොහොතේදී කඩුල්ල තබාගෙන මම ක්‍රීඩා කරපු ආකාරය ගැන සෑහිමකට පත් වෙනවා.”

තරඟයේ වීරයා ජොස් බට්ලර්

“මුළින් කඩුලු දැවී ගිය නිසා කඩුල්ලේ රැඳී ඉන්නයි මට අවශ්‍ය වුණේ. කොහොම වුණත් මම මෝගන් සමගින් හොඳ සබඳාවයක් පවත්වා ගත්තා. ඉනිම ආරම්භයේදීම මට වැටහුණා පන්දුවට පහර දෙන්න තණතීරුව ඉතාමත්ම අපහසු බව. එක වෙලාවක් තිබ්බා අපිට ලකුණු 120 සීමාව ඉක්මවන්නත් බැරි වෙන්න පුලුවන්. නමුත් ඊට පස්සෙ අපි ලකුණු 160 සීමාවටම ළඟා වුණා. මම පුහුණු වීම් කළෙත් අද පන්දුවට පහර දුන්න පිත්ත භාවිතා කරලමයි. මිල්ස් ගේ ඉවත් වීමත් එක්ක මොයින් අලී අපහසු වෙලාවෙදි හොඳ පන්දුවාරයක් දියත් කළා. කොහොම වුණත් ශානක ව දුවද්දී දවා ගැනීමට හැකි වීම මාව උද්දාමයට පත් කළා. චමීරගේ පන්දු වලට මුහුණ දෙනකොට මම ගොඩක් කල්පනා කළා එයා මොන තැනකට පන්දුව යවයිද කියලා. ඒ වෙද්දි මම ගොඩක් වෙලා පිතිකරණයේ නිරත වෙලා ඉඳපු නිසා බොහොම සන්සුන්ව ඔහුට එල්ලය වැරදෙනකන් බලන් ඉඳියා.”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top