හොඳම ටෙස්ට් පිතිකරුවන් අතර දිමුත් පියවරක් ඉදිරියට

[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු 10 දෙනා අතර පසුවන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පියවරක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි. නවතම යාවත්කාලීනයට අනුව දිමුත් රැඳී සිටි 7 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.

එම ශ්‍රේණිගත කිරීමේදී ලකුණු 754 ක් ලබා සිටින දිමුත්, ඉදිරියට පැමිණීමේදී 6 වැනි ස්ථානයේ සිටි ඩේවිඩ් වෝනර් 7 වැනි ස්ථානය දක්වා පහත බැස සිටියි. ඔස්ට්‍රේලියානු පිලේ මානස් ලබුෂේක් එම පිතිකරුවන් ලැයිස්තුවේ අංක 1 ස්ථානයේද එංගලන්ත නායක ජෝ රූට් දෙවැනි ස්ථානයේද පසුවන්නේය. ස්ටීවන් ස්මිත්, කේන් විලියම්සන් සහ රෝහිත් ෂර්මා පිළිවෙළින් තෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානයේ රැඳී සිටියි.

දිමුත් කරුණාරත්න සහ රෝත් ෂර්මා අතර පවතින්නේ ප්‍රසාද ලකුණු 27 කි. මේ අතර ධනංජය ද සිල්වා 21 වැනි ස්ථානයේද ඇන්ජලෝ මැතිව්ස් 31 වැනි ස්ථානයේදී රැඳී සිටියි.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top