කමිඳු සහ ප්‍රභාත් වැඩිම දක්ෂතා අතර පෙරමුණේ

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (10 දා) සිට ආරම්භ වන අතර එහිදී දඹුල්ල කණ්ඩායම ගාලු කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීද, කලම්බු සහ කැන්ඩි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේදීද තරග වදිති.

තරගාවලියේ තෙවැනි සතිය වන ඉදිරි සතියේ තරගවලට පෙර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කැන්ඩි කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 2 කට ක්‍රීඩා කර ඇති කැන්ඩි කණ්ඩායම එම තරග 2 ම ජයපැරදුමෙන් තොරව අවසන් කර ගනිමින් ප්‍රසාද ලකුණු 24.785 ක් ලබා පෙරමුණ රැකගෙන සිටියි.

මේ දක්වා පැවැති තරග දෙකෙන් එකක් ජය ගෙන ඇති කලම්බු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 22.25 ක් රඳවා ගනිමිනි. මේ දක්වා සහභාගිවූ තරග 2 ම ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමට සමත්ව සිටින ජැෆ්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු 15.69 ක් ලබා එම සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටියි. මෙතෙක් සහභාගිවූ එකම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමට සමත්ව සිටින ගෝල් කණ්ඩායම ප්‍රසාද ලකුණු 3.75 ක් ලබා අවසන් ස්ථානයේ රැඳී සිටියි.

ක්‍රීඩකයින්ගේ පෞද්ගලික දක්ෂතා පිළිබඳව අවධානය යොමු කිරීමේදී කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස් තරග 2 දඋී ඉනිම 4 කට ක්‍රීඩා කොට ශතක 2 ක් සහ අර්ධ ශතකයක් සමඟ ලකුණු 327 ක් ලබා වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවෙයි. කැන්ඩි කණ්ඩායමේ මැද පෙළ පිතිකරු සහන් ආරච්චිගේ ඉනිම 4 කදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමඟින් ලකුණු 305 ක් ලබා එම දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

කොළඹ කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය ඉනිම 4 කදී කඩුලු 11 ක් දවා තරගාවලිටයේ වැඩිම කඩුලු ලාභීන් අතර ඉදිරියෙන් සිටිද්දී මහනුවර කණ්ඩායමේ අවිඳු තීක්ෂණ ඉනිම 2 කදී කඩුලු 7 ක් දවා ගනිමින් දෙවැනි තැන රැඳී සිටියි.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top