LPL තෙවැන්නේ විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වන විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම මෙම ජුනි මස 14 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි.

මෙවර තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තුවන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවියේ ඒ වෙනුවෙන්ම ස්ථාපනය කොට ඇති https://srilankacricket.lk/lpl-player-registration බැඳිය ඔස්සේ සිය ලියාපදිංචි කටයුතු සිදුකළ යුතු වේ. මෙම බැඳිය ඔස්සේ ජුනි මස 23 වැනිදා මධ්‍යාහ්න 12 ට පෙර සිය අයැදුම්පත් ලියාපදිංචි කොට අවසන් කළ යුතු බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

ඒම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසානයෙන් පසු ඒල්.පී.ඒල්. තෙවැනි අදියරය වෙනුවෙන් වූ ක්‍රීඩක කෙටම්පතට ඉදිරිපත් කෙරෙනු ඇත.

පෙර වසරට සාපේක්ෂව ක්‍රීඩකයින් කාණ්ඩ ගත කිරීමේ කාණ්ඩවල නම්වල සුලු වෙනස්කමක් සිදුකර තිනෙ අතර ඒහිදී රූබි (Ruby), සපයර් (Sapphire), ඩයමන්ඩ් ‘ඒ’ (Diamond A,  ඩයමන්ඩ් ‘බී’ (Diamond B) සහ ප්ලැටිනම් (Platinum) යනුවෙන් ඒම කාණ්ඩ නම් කර තිබේ.

රූබි සහ සපයර් කාණ්ඩ යටතට ඇතුළත් වන ක්‍රීඩකයින් ඔවුනගේ රටවල ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලවල ලියාපදිංචිව ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩකයින් විය යුත වන අතර අනෙක් කාණ්ඩවලට ඒක්වන ක්‍රීඩකයින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමත පූර්ණ සාමාජික හෝ අර්ධ සාමාජික රටවල ප්‍රධාන විස්සයි-20 තරගාවලිවලට ක්‍රීඩා කරන හෝ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයින් විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

ජුලි 31 වනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර මූලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top