මැතිව්ස්ට සුවයි – යළි කණ්ඩායමට

[vc_row][vc_column][vc_column_text]කොරෝනා වෛරසය ගොදුරු වූ ඇන්ජලෝ මැතිව්ස් ලබන 08 වැනිදා (සිකුරාදා) ගාල්ලේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරග සඳහා සහභාගිවීමට සූදානමින් සිටියි. වෝන් – මුරලි කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය සඳහා වෛද්‍ය කමිටුවේ අවසරය මැතිව්ස්ට ලබා දී තිබේ.

පළමු ටෙස්ට් තරගය අතරතුරදී මැතීව්ස්ට කොරෝනා වෛරසය ආසාධනය වූ බැවින් දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දීමට නොහැකිවිය. එම අවස්ථාව ඔෂධ ප්‍රනාන්දුට හිමි වුවත් ඔහුට රැස් කරගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් අද (05 වැනිදා) දිනයේදී යළිත් කණ්ඩායමට සමඟ එක්ව සිටින අතර ඉදිරියේ පැවැත්වීමට නියමිත පුහුණුවීම් සඳහාද සහභාගිවීමට නියමිතය. ඇන්ජලෝට අමතරව සංචිතයේ සිටි ප්‍රවීන් ජයවික්‍රමටද කොරෝනා වෛරසය ආසාධනය වීම නිසා දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන තේරීම් සඳහා සලකා නොබැලෙනු ඇත. කෙසේ වෙතත් දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ සහ ලක්ෂිත මානසිංහවද කණ්ඩායමට එක් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top