[vc_row][vc_column][vc_column_text]ස්කොට්ලන්තය සහ අයර්ලන්තය අතර තරගය පැවැත්වුණේ හෝබාර්ට් හිදී. තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් අයර්ලන්තයට මෙම තරගයේ ජයග්රහණය අතිශයින්ම වැදගත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 176ක් රැස් කළා. මිචෙල් ජෝන්ස් පන්දු 55 කදී ලකුණු 86 යි. ඔහුගේ ඉනිමට 4 පහර 6 සහ 6 පහර 4 ඇතුළත්. රිචී බෙරින්ග්ටන් ලකුණු 37 යි. පන්දු යැවීමේදී කර්ටිස් කැම්පර් කඩුලු 2 ක් දවා ගත්තා. පිළිතුරු ලෙස අයර්ලන්තයට තරගය ජය ගැනීම සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 177 ක්. ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 61 තුළ දවා ගැනීමට ප්රතිවාදි ස්කොට්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
අනතුරුව කර්ටිස් කැම්පර් සහ ජෝර්ජ් ඩොක්රල් 5 වැනි කඩුල්ලට ගොඩනැඟූ නොබිඳුණු සබඳතාවක් ලකුණු 119 ක්. විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ කර්ටිස් කැම්පර් නොදැවී ලකුණු 72 ක් රැස් කලේ පන්දු 32 කට මුහුණ දෙමින්. ජෝර්ජ් ඩොක්රල් නොදැවී ලකුණු 39 ක් රැස් කළා. අයර්ලන්තය තරගයේ ජය ගත්තේ පන්දුවාර 19 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 180 ක් රැස් කරමින්.[/vc_column_text][/vc_column][/vc_row]