[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය ජීලොන්ග් හිදි පැවැත්වුණා.තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාව ද මෙම තරගය ජයග්‍රහණය අනිවාර්ය වුණා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 36 ක් වන විට පැතුම් ලකුණු 14 කට දැවී ගියා. ධනංජය ද සිල්වාට ලකුණු රැස් කිරීමට හැකි වුණේ නැහැ.අනතුරුව තුන් වැනි කඩුල්ලට ලකුණු 60 ක සබඳතාවක් ගොඩනැගීමට චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් සමත් වුණා. චරිත් ලකුණු 31 යි.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් තම 20/20 ක්‍රිකට් දිවියේ නම වැනි අර්ධ ශතකය වාර්තා කළා. ඔහු පන්දු 44 කදී රැස් කළ රැස්කළ ලකුණු සංඛ්‍යාව 79 ක්. ඔහුගේ ඉනිම 4 පහර 5ක් සහ 6 පහර 5 ඇතුළත්. ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 162ක් රැස් කළා.
තරගය ජය ගැනීම සඳහා නෙදර්ලන්තයට හිමි වු ඉලක්කය ලකුණු 163 ක්. නමුත් ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු නවයක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146 ක් පමණයි. ආරම්භක පිතිකරු මැක්ස් ඕ ඩෝව් ලකුණු 71 ක් රැස් කළා. පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලූ 3 සහ මහේෂ් තීක්ෂණ කඩුලු 2 දවා ගත්තා. තරගයෙන් ශ්‍රී ලංකාව ජයගත්තේ ලකුණු 16 කින්. තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට සුදුසුකම් ලැබුවා.[/vc_column_text][/vc_column][/vc_row]