මදුෂ්කගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 249 කින් පෙරට

[vc_row][vc_column][vc_column_text]ඉතාමත් ඉවසිලිවන්ත වූත් කල්පනාකාරීත් වූ නිශාන් මදුෂ්කගේ නොබිඳුණු ලකුනු 207 ක අති විශිෂ්ඨ ද්විත්ව ශතකය නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නතර කර දමන විට ලකුණු 249 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්ව සිටියේය. සමස්ථ දිනය පුරා එංගලන්ත ලයන්ස් පන්දු රකින්නන් වෙහෙසට පත් කරමින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ දිනය අහවර වන විට කඩුලු 3 කට ලකුණු 580 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමා ගත්හ.

දිනයේ වූ සුවිශේෂීම සිදුවීම වූයේ ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක ද්විත්ව ශතකයක් රැස් කර ගැනීමට සමත්වීමයි. මුලු ලකුණු සංඛ්‍යාව 547 ක්ව තිබියදී ටොම් අබෙල්ගේ පන්දුවකට අලංකාර පුල් පහරකින් රැස් කරගන්නා ලද ලකුණු 4 ත් සමඟ ද්විත්ව ශතකය අභිබවා ගියේය.

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම පුරා වූ මිනිත්තු 562 ක කාලයක් කඩුල්ලේ රැදී සිටි දකුණත් ආරම්භක පිතිකරුවා තරගය අහවර කරන විට නොදැවී ලකුණු 207 ක් ලබා සිටියේය. පන්දු 370 ක් ඒ සඳහා වැය කළ මදුශ්ක සිය ඉනිමට හතරේ පහර 24 ක් සහ හයේ පහර 2 ක් ද ඇතුළත් කර ගත්තේය.

ලයන්ස් පන්දු යවන්න්නට මහත් හිස රදයක් වූ මදුශ්ක අද රැස් කර ගන්නා ලද්දේ එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව දෙවැනි ශතකය විය. මීට පෙර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංණයේ පැවැති තුන්දින තරගයේදීද මධුෂ්ක ලකුණු 150 ක් රැස් කරගත්තේ ඉනිම නොබිඳීව තබා ගනිමිනි.

දිනය අවසන් වන විට මදුශ්කට අනගි සහායක් ලබා දුන් නිපුන් ධනංජය පන්දු 131 කට මුහුණ දී ලකුණු 89 ක් ලබා සිටියි. හතරේ පහර 15 කින් සමන්විත වුණු ශ්‍රී ලංකා ‘ඒ’ නායකයාගේ ඉනිමේ පන්දුව ස්ථානගත කිරීම ඉතාම විශිෂ්ඨ මට්ටමේ පැවැතිණ.

ලකුණු 331 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට මෙතරම් ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ප්‍රධානම අඩිතාලම බවට පත්වූයේ සෑම කඩුල්ලක් අතරම සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමය. එහිදී පළමුව මදුශ්ක සහ ඔෂධ සමඟ පළමු කඩුල්ලට ලකුණු 203 ක් වාර්තා වුණු අතර එහිදී ඔෂධ ලකුණු 114 ක් ලබා ගත්තේය. අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ කඩුලු සම්බන්ධතා සටහන් වූයේ පිළිවෙළීන් ලකුණු 119, 113 සහ 145 වශයෙනි.

ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරමින් සිටින නිශාන් මදුශ්කගේ පිතිහරඹයේ වැරැද්දක් ඇතැයි යැයි කිව නොහැකි තරමටම හේ පන්දුවට පහර දීමේදී පරෙස්සම් වූවේය. පරිණත පිතිකරුවකුට අවශ්‍ය සියලුම ගුණාංගයන්ගෙන් සමන්විත වුණු මධුෂ්කගේ පිතිහරඹය ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ කොඳු නාරටිය බවට පත්ව තිබේ.

නිශාන් මධුෂ්ක ලකුණු 128 ක් සහ ඔෂද ප්‍රනාන්දු 114 දෙදෙනාගේ ශතක දෙකක්, මුකරු පිතිකරු ලක්ෂිත අලංකාර අර්ධ ශතකයත් නිසා දිවා ආහාරය සඳහා තරගය නතර රන විට මුල් ඉනිමේ අවාසිය පහසුවෙන්ම මඟහරවා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හැකියාව ලැබිණ.

දීවා ආහාරයෙන්  පසු තේ පානය දක්වා කාලයේදී යවන ලද පන්දුවාර 28 දී රැස් කරන ලද ලකුණු 118 න් ලකුණු 76 ක්ම නුවනිඳු ප්‍රනාන්දු විසින් රැස් කරන ලද ලකුණු විය. ලියාම් පැටර්සන් විසින් යවන ලද 87 වැනි පන්දුවාරයේ පළමු පන්දු 4 ට හතරේ පහර 3 කින් සංග්‍රහ කළ නුවනිඳු සිව්වැනි පන්දුවට එල්ල කරන ලද හයේ පහරත් සමඟ ලකුණු 19 ක් උදුරා ගත්තේ අර්ධ ශතකයට යන ගමන වඩාත් ඉක්මන් කරමිනි. මුහුණ දුන් 63 වැනි පන්දුවේදී අර්ධ ශතකය සපුරා ගත් නුවනිඳු ලකුනු 80 ක් ලබා දැවී යන විට මදුශ්ක සමඟ තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 113 ක් එක් කිරීමට සමත්වූවේය.

සැඳෑ මුරකරුගේ වගකීම ගෙන පිටියට පිවිසි ලක්ෂිත මානසිංහද පරිණත පිතිකරුවකුගේ විලාශය පෙන්නුම් කරමින් අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේය. දුර්වල පන්දු දුටු තැන අත දිග හැර පහර දුන් වමත් පිතිකරුවා ටොම් අබෙල්ගේ  පන්දුවකට ලකුණු 73 ක් ලබා දැවී යන විටත් ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් කර ගැනීමට සමත්ව සිටියේය. මොවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 119 ක් විය.

හෙට තරගයේ තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top