Headline

වනිඳු හසරංග යළිත් අංක 1 ට

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරනු ලබන ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි-20 අංශයේ පන්දු යවන්නන් අතර යළිත් පළමු ස්ථානයට පැමිණීමට වනිදු හසරංග සමත්ව සිටියි. ඇෆ්ගනිස්තානු පා දඟ පන්දු යවන රශීඩ් ඛාන් අවසන් වරට සහභාගිවුණු විස්සයි-20 තරග 3 දී දවා ගැනීමට සමත්ව ඇත්‌තේ කඩුලු 4 ක් පමණක් වන බැවින්, වනිඳුට අංක 1 ස්ථානයට පැමිණීමට හැකියාව ලැබී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම යාවත්කාලීන කිරීමට අනුව මහීෂ් තීක්ෂණ 11 වැනි ස්ථානයේද ළහිරු කුමාර 55 වැනි ස්ථානයේද, චාමික කරුනාරත්න 63 වැනි ස්ථානයේ ද සහ දුෂ්මන්ත චමීර 69 වැනි ස්ථානයේද පසුවෙති.

එමෙන්ම විස්සයි-20 තරග ක්‍රීඩාව ආරම්භයේ සිට මේ දක්වා නියෝනය කර ඇති පන්දු යවන්නන් ගෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිදුකරන ලද ශ්‍රේණිගත කිරීමේදී වනිඳු 9 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව සිටීමද කැපී පෙනෙයි. හොඳම පන්දු යවන්නා ලෙසින් අංක 1 දිනා ගැනීමට අමතරව ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර සිව්වැනි ස්ථානයද වනිඳුගේ නම ඉදිරියෙන් සටහන්ව තිබේ.

විස්සයි-20 පිතිකරුවන් අතර සූර්යකුමාර් යාදව් පෙරමු‌ණ ගෙන සිටින අතර පැතුම් නිස්සංක 13 වැනි ස්ථානයේතී, චරිත් අසලංක 33 වැනි ස්ථානයේත්, කුසල් මෙන්ඩිස් 35 වැනි ස්ථානයේතී, භානුක රාජපක්ෂ 41 වැනි ස්ථානයේත්, දසුන් ශානක 42 වැනි ස්ථානයෙත් සහ ධනංජය ද සිල්වා 92 වැනි ස්ථානයේත් රැදී සිටිති.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top