47 වන ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ ශූරතාව බස්නාහිර පළාත හිමි කර ගනී

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව 47 වන වරටත් සංවිධානය කරන ලද ජාතික ක්‍රීඩා තරගාවලියේ ශූරතාව රන් පදක්කම් 115 ක්, රිදී පදක්කම් 78 ක්, ලෝකඩ පදක්කම් 89 හිමිකරගනිමින් මෙවරත් බස්නාහිර පළාත හිමිකර ගත්තේය.

අනුශූරයන් වූ මධ්‍යම පළාත රන් පදක්කම් 39 ක්, රිදී පදක්කම් 45 ක් හා ලෝකඩ පදක්කම් 50 ක් දිනාගත් අතර තෙවෙනි ස්ථානය හිමිකරගත් දකුණු පළාත රන් පදක්කම් 30 ක් රිදී පදක්කම් 37 ක් ලෝකඩ පදක්කම් 45 ක් හිමිකර ගෙන ඇත.

ක්‍රීඩා ඉසව් 30 ක් යටතේ පළාත් නවයෙහිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5806 ක් රන් පදක්කම් 262 ක්, රිදී පදක්කම් 262 ක් හා ලෝකඩ පදක්කම් 360 ක් දිනා ගැනීම සදහා තරග වැදුණි.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මධ්‍යම පළාතේ මීටර් 400 කඩුලු මතින් දිවිමේ ඉසව්ව තප්පර 50.59 කින් නිම කල කේ.ඩී.එම් දර්ශන ක්‍රීඩකයා සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස දකුණු පළාතේ මීටර් 400 ඉසව්ව තප්පර 52.80 කින් නිම කල නදීශා රාමනායක ක්‍රීඩිකාව ජය සංකේත හිමිකර ගන්නා ලදි.

මෙවර තරගාවලියේදී තරගවාර්තා 05 ක් බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් විය.

• මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තප්පර 14.16 නිමා කරමින් බස්නාහිර පළාතේ අයි. ජේ.ජී.එල්. ජනිදු ලක්විජය ක්‍රීඩකයා,
• මීටර් 16.23 ක දුරක් වාර්තා කරමින් තුන් පිම්ම පැනිමේ ඉසව්වෙන් බස්නාහිර පළාතේ එල්.සී.කුමාරසිරි ක්‍රීඩකයා,
• මීටර් 3.50 ක උසක් වාර්තා කරමින් රිට පැනීමේ ඉසව්වෙන් උතුරු පළාතේ එන්. දක්ෂිතා නෙසරාසා ක්‍රීඩිකාව,
• මිටර් 44.59 ක දුරක් වාර්තා කරමින් කව පෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් උතුරු මැද පළාතේ ඒ.ජී.වී.විනෝදනී ලක්මාලි ක්‍රීඩිකාව
• මීටර් 4×400 ඉසව්ව විනාඩි 3:41.96 නිමා කරමින් දකුණු පළාත් කණ්ඩායමේ එන්.ඩී.ජී.එන්.ලක්මාලි,ඩබ්.කේ.නිමාලි,ගයන්තිකා අබේරත්න,නදීෂා රාමනායක යන ක්‍රීඩිකාවන් වේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top