[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී දෝනිගේ නායකත්වය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමගින් සමගින් ලද අත්දැකීම් මතීෂ පතිරණට වඩාත් පරිණත ක්‍රීඩකයෙකු වීමට ඉවහල් වූ බව ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් ප්‍රකාශ කොට ඇත.ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සුපිරි කණ්ඩායම් හතර වටයේ තරගය අඟහරුවාදා පැවැත්වෙයි. IPL තරගාවලිය හා මහේන්ද්‍ර සිං දෝනි, පතිරණගේ දියුණුවට ඉවහල් වූ නමුත් ඔහු මුලින්ම ශ්‍රී ලංකා ක්‍රිකට්හි හදුන්වා දීමක් බව නවාස් පවසා ඇත.
“එම්.එස්. දෝනි සහ චෙන්නායි කණ්ඩායම ඔහුගේ දියුණුවට දායක වුණා. නමුත් පතිරණ ශ්‍රී ලංකා ක්‍රිකට් හදුන්වාදීනක්. ඔහු අපි වෙනුවෙන් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරග දෙකක් ක්‍රීඩා කර තිබෙනවා. ඔහු අපි කුඩා කාලයේ හඳුනා ගත් කෙනෙක්.”
නමුත් IPL ක්‍රීඩා කිරීමෙන් පීඩනය හොඳින් හැසිරවිය හැකි වඩා පරිණත ක්‍රීඩකයෙකු බවට පත් වූ බව ඔහු සදහන් කොට ඇත. ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග හා සමාන ඔහුගේ ඉරියව්ව නිසා ‘බේබි මාලිංග’ ලෙස බොහෝ දෙනා ඔහුව හඳුන්වන බව ද නවාස් සදහන් කොට ඇත.
IPL අවස්ථා ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව තුළදී පරිණත වීමට උපකාරී වෙලා තියෙනවා. අවුරුදු 18-19 වෙද්දී MS දෝනි වගේ නායකයෙක් යටතේ ක්‍රීඩා කරන්න ලැබුණා. ලොකු තරඟවලදී පීඩනය හැසිරවීම ගැන මතීෂ ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා කියලා විශ්වාසයි. ඒක හොඳ අත්දැකීමක්.”[/vc_column_text][/vc_column][/vc_row]