මාස 14කින් එක්දින පිටියට පය තැබූ ස්ටෝක්ස්ගෙන් වාර්තාගත ඉනීමක්

[vc_row][vc_column][vc_column_text]

නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට අදාළ එක්දින තරගාවලියේ තෙවන තරගය ඊයේ දිනයේ දී පැවැත්විණි. ලන්ඩන්හිදී පැවති තරගයේ කාසිය වාසිය හිමිකරගත් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට අවස්ථාව ලබාදුනි. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන එංගලන්ත ඉනීමේ පළමු කඩුලු 2 ලකුණු 13කදී බිදවැටුණි. අනතුරුව තෙවන කඩුල්ලට පිටියේ එක්වන බෙන් ස්ටෝක්ස් හා ඩේවිඩ් මාලන් අතර ලකුණු 199 සාර්ථක සබඳතාවක් ගොඩ නැගුණි. එහිදී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඩේවිඩ් මාලන් පන්දු 95කදී හතරේ පහර 12ක් හා හයේ පහරක් සමගින් ලකුණු 96ක් රැස්කිරීමට සමත් විය.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ස්ටෝක්ස් පන්දු 124කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 15ක් හා හයේ පහර 9ක් සමගින් වේගවත් වාර්තාගත ලකුණු 182ක් රැස්කිරීමට සමත් විය. නායක ජෝස් බට්ලර් ලකුණු 38ක් රැස්කළ අතර එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48 එක් පන්දුවකදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 368ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 51කට,කඩුලු 5ක් බිදහෙලීය. එක්දින පිටියේ නවසීලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු 5 අවස්ථාවන් දවාගත් පන්දු යවන්නා බවට පත්වීමට ඔහුට හැකි විය.

ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු හතරම ලකුණු තිස් හතක් තුළ බිඳ වැටුණි. ඉන් අනතුරුව ග්ලෙන් පිලිප්ස් පන්දු 76කදී ලකුණු 72ක් රැස්කළ ද සෙසු පිතිකරුවන් ගෙන් එතරම් සහායක් හිමි නොවීය. නවසීලන්ත කණ්ඩායම පන්දුවාර තිස් නවයක් තුළ සියලුම ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු එකසිය අසූ හතක් පමණි. පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් වෝක්ස් සහ ලිවින්ග්ස්ටන් කඩුලු 3 බැගින් බිදහෙලීය. ඒ අනුව තරග 4 කින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට එකක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය මේ වන විට සමත් වී ඇත.

2022 වසරේදී එක්දින පිටියට සමුදුන් බෙන් ස්ටෝක්ස් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොට ගනිමින් යළිත් එංගලන්ත කණ්ඩායම සමගින් එක් විය. ඔහු නැවත එක්දින පිටියට පැමිණි පසු ක්‍රීඩා කළ පළමු තරගාවලිය මෙය වූ අතර ඊයේ දිනයේදී වාර්තාගත ඉනීමක් ක්‍රීඩා කරකරන්නට ඔහු සමත් විය. ඒ අනුව එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ඉනීමක් තුළ පිතිකරුවෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාවාර්තාව සිය නාමය ඉදිරියේ ලියවාගන්නට ස්ටෝක්ස් සමත් වූයේ තමා සුපුරුදු රිද්මයේ සිටිනා බව අනෙකුත් කණ්ඩායම් වලට අනතුරු අගවමනි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top