ශ්‍රී ලංකාව යොවුන් පිළට ටෙස්ට් තරගාවලි ජයක්

[vc_row][vc_column][vc_column_text]

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා. ඒ දෙරට අතර දෙවන සිව්දින ටෙස්ට් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කරමින්. දෙරට අතර දෙවන ටෙස්ට් තරගය අද දිනයේදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය.

පසුගිය අඟහරුවාදා ආරම්භ වූ තරගයේ කාසිය වාසිය හිමිකරගත් කොදෙව් ක්‍රීඩකයන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සාර්ථක වන්නට කොදෙව් යොවුන් පිතිකරුවන්ට හැකිවූයේ නැහැ. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 127ක් පමණයි. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජෝඩ්න් ජොන්සන් ලකුණු 52ක් රැස්කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලලංකාව වෙනුවෙන් විහාස් තෙව්මික ලකුණු 43ට කඩුලු 5ක් ද මල්ෂ තිරුපති ලකුණු 16ට කඩුලු 3ක් ද දවාගැනීමට සමත් වුණා.

සිය පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් සිය පළමු ඉනීම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 326ක් රැස්කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ මල්ෂ තිරුපති පන්දු 49කදී හතරේ පහර 6ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 70ක් රැස්කිරීමට සමත් වුණා. රුසද ගමගේ, රවිෂාන් ද සිල්වා, පුලිදු පෙරේරා පිළිවෙලින් ලකුණු 58, 43 හා 41ක් රැස්කිරීමට සමත් වුණා. කොදෙව් පිළ වෙනුවෙන් නේතන් සීලි කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා.

ජෝඩ්න් ජොන්සන් දෙවන ඉනීමේදී ද කොදෙව් කොදුනාරටිය බවට පත් වෙමින් නොදැවී ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. ඔහු පන්දු 163කදී හතරේ පහර 20ක් හා හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 157ක් රැස්කිරීමට සමත් වුණා. බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනීම ලකුණු 277කට සීමා කිරීමට පන්දුවෙන් දස්කම් පෑ විහස් තෙව්මික කඩුලු 3ක් ද මල්ෂ තිරුපති හා කවීෂ පියුමාල් කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා. මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 78ක්. පන්දුවාර 18 පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 81ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වූයේ කඩුලු 7කින් තරගය ජයග්‍රහණය කරමින්. සිනෙත් ජයවර්ධන පන්දු 14කදී වේගවත් ලකුණු 30ක් හා රුසද ගමගේ නොදැවී ලකුණු 23ක් රැස්කළා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top