පාකිස්තාන ප්‍රබලයෙකුට ලෝක කුසලානය මගහැරෙන ලකුණු

[vc_row][vc_column][vc_column_text]

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ්ට එළඹෙන ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ ඉඩකඩක් ඇති බව වාර්තා වෙයි. වම් උරහිසෙහි ආබාධයකට ලක් වීමෙන් අනතුරුව ඔහුව ආසියානු කුසලාන තරගාවලියෙන් ද ඉවත් කොට ඇත.

අනතුරුව සිදු කළ ස්කෑන් පරීක්ෂණයක දී තහවුරු වූයේ මුලින් අනුමාන කළ ප්‍රමාණයට වඩා ඔහුගේ තත්ත්වය දරුණු බවයි. ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමට එරෙහි තරඟයේ දී ඔහු ආබාධයට ලක්විය. ලෝක කුසලාන තරගාවලියට මෙන්ම අනතුරුව පැවැත්වෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයට ද නසීම්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී ඇතැයි පාකිස්තාන ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් ESPNCricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත. ඔහු වෙනුවට ආසියානු කුසලාන තරගාවලිය සඳහා සමන් ඛාන් එක් කොට ගැනුනද ලෝක කුසලාන සංචිතය වෙනුවෙන් මොහොමඩ් හස්නේන් එක් කොට ගැනීමේ සූදානමක් පවතින බව ද වාර්තා වෙයි. නමුත් ඒ සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය කිසිදු නිල නිවේදනයක් නිකුත් කොට නොමැත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top