වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු අවසන් ක්‍රීඩකයන් 17 අතරට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන සංචිතයේ අවසන් ක්‍රීඩකයන් 17 දෙනා අතරට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඇතුළත් කොට ඇතැයි Ceylon Sports වෙත වාර්තා වෙයි. ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අවසන් ක්‍රීඩකයන් 17 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් කොට ඇතැයි වාර්තා වෙයි

චාමික කරුණාරත්න සංචිතයට එක් කොට ඇත්තේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් බවයි වාර්තා වන්නේ. ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 15 දෙනාගේ සංචිතයට අමතරව අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙක් ද රැගෙන යාමට අවසර හිමි වේ.

චාමික කරුණාරත්න අවසන් වරට එක්දින තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කළේ 2023 වසරේ මාර්තු මාසයේදීය. නවසීලන්තයට එරෙහිව පැවති එම තරගයේදී ලකුණු 24ක් රැස්කිරීමට ඔහු සමත් විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top