[vc_row][vc_column][vc_column_text]
පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අසීෆ් වත්මන් පාකිස්තාන කණ්ඩායමේ නායකයා ට අභියෝගාත්මක ප්‍රකාශයක් සිදු කොට ඇත. විස්සයි විස්ස පිටිය තුළ බාබර් අසාම්ගේ දක්ෂතා අවතක්සේරුවට ලක් කරමින් අෆිස් මෙම ප්‍රකාශය සිදු කොට ඇත.
බාබර් අසාම් T20 පිටිය තුළදී තරග 268කදී ලකුණු 9462ක් රැස් කොට ඇති අතර ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 43.60ක් හා ප්‍රහාරාත්මක වේගය 129ක් පමණ වෙයි. බාබර් අසාම් 2020 පිටිය තුළ දී අසීරු අවස්ථා වල සිය කණ්ඩායම ජයග්‍රහණය ට ගෙන යාමට සමත් වූ ක්‍රීඩකයෙකි.
හිටපු ක්‍රීඩක මොහොමඩ් අසිෆ් සඳහන් කරන්නේ තමාට එරෙහිව පන්දුවාරයකදී අසාම්ට කිසිදු ලකුණක් රැස් කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.
” මට පුළුවන් බාබර්ට එරෙහිව T20 තරගයකදී නිලකුණු පන්දුවාරයක් යවන්න අද වුනත්. ඔබ හොඳ පන්දු කිහිපයක් ඔහුට යැව්වොත් ඔහුට බැහැ පන්දුවට පහරක් එල්ල කරන්නවත්.
මොහොමඩ් අසීෆ් යනු ලෝක ක්‍රිකට් පිටිය තුළ පහළ වූ තවත් එක් සුවිශේෂී පන්දු දෝලනය කරන්නෙකි. අසීෆ් ගේ දෝලනය ට හමුවේ ඩිවිලියර්ස්, අම්ලා, කෙවින් පීටර්සන් වැනි ප්‍රබලයන් ද එවක අසරණ වූ ආකාරය අපට දැකගන්නට හැකි විය. හිටපු ඉන්දීය ක්‍රීඩක රොබින් උත්ප්පා වරෙක සදහන් කොට සිටියේ ඔහු මුහුණ දුන් අසීරුතම පන්දු යවන්නා මොහොමඩ් අසීෆ් බවයි.[/vc_column_text][/vc_column][/vc_row]