[vc_row][vc_column][vc_column_text]
ඇෆ්ගනිස්ථාය සත්කාරකත්වය දරන සියලුම තරගාවලි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කැමැත්ත පළ කර ඇත. එමෙන්ම ඉන්දියාව හා පාකිස්තාන අතර පැවැත්වෙන තරග සියල්ල ද ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනා කර ඇත.මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්ඩලයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා විසිනි.
“ආසියානු කුසලානය අවසන් වීමත් සමඟ, ශ්‍රී ලංකාව ඔවුන්ගේ ක්‍රිකට් නිවහන බවට පත් කරන ලෙස පකිස්ථානයට සහ ඇෆ්ගනිස්ථානයට ආරාධනා කිරීමට අපි කැමතියි. අපේ ක්‍රීඩා ලෝලීන් මෙම රටවල ක්‍රීඩකයින් සමඟ හොඳ සබඳතාවක් පවත්වනවා”
ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලානයට පෙර පාකිස්තානයට එරෙහිව හම්බන්තොට දී ක්‍රීඩා කළ අතර මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සත්කාරකත්වය දරනු ලැබුවේ ශ්‍රී ලංකාවයි.
පසුගිය වසර කිහිපය මුලුල්ලේ PCB විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තමා සත්කාරකත්වය දරන තරගාවලි පැවැත්වීමට යොදා ගත්තේ ජාත්‍යන්තර කණ්ඩායම් ආරක්ෂක හේතූන් මත පකිස්ථානයට යාම ප්‍රතික්ෂේප කළ නිසාවෙනි. එමෙන්ම ඇෆ්ගනිස්ථානයේ පහසුකම් නොමැති විටදී ACB විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරගාවලි වෙනුවෙන් සත්කාරක රට බවට පත් කරගත්හ.
ඉන්දියාව සහ පකිස්තානය ඔවුන්ගේ රටවල එකිනෙකා සමඟ ක්‍රීඩා නොකරන නිසා කණ්ඩායම් දෙකටම අපේ රටේ එකට ක්‍රීඩා කරන්න පුලුවන්.ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මෙම යෝජනාව සලකා බලන ලෙස ක්‍රිකට් මණ්ඩල දෙකෙන්ම ඉල්ලන්න ඇති. එසේ නොමැති නම් ඔවුන්ට ලිඛිතව දැනුම් දෙන්න ඇති.”
Source – Daily Mirror[/vc_column_text][/vc_column][/vc_row]