බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට ලෝක කුසලානය අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුටම ලෝක කුසලානය අහිමි වෙයි

එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ද ප්‍රකාශයට පත් කොට ඇත. ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුතු සංචිතයේ නායකත්වය දරනුයේ ශකිබ් අල් හසන් විසිනි. කණ්ඩායමේ උපනායකත්වය නජිමුල් ෂැන්ටෝට පැවරී ඇත. මින් පෙර එඑක්දින පිටියට සමුදී නැවත කණ්ඩායම සමගින් එක්වූ ටමිම් ඉක්බාල් ආබාධ තත්වයක් හේතුවෙන් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කොට නොමැත.

එක්දින නායකයා වූ ටමිම් ආසියානු කුසලාන තරගාවලියට එක්වීමට නොහැකි වීම හමුවේ නායකත්වය අතහැරීමට තීරණය කළේය. එබඩට් හුසේන්ද සුවය ලබා නොසිටීම නිසාවෙන් සංචිතයට ඇතුළත් කොට නැත. අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන මුෂ්ෆිකර් රහීම්, මුස්ටෆිසූර් රහ්මාන්, මහමදුල්ලා රියාද් කණ්ඩායමට ඇතුළත් කොට ඇත

බංග්ලාදේශ සංචිතය

Shakib Al Hasan (c), Litton Das, Tanzid Hasan Tamim, Najmul Hossain Shanto (vc), Tawhid Hridoy, Mushfiqur Rahim, Mahmudullah Riyad, Mehidy Hasan Miraz, Nasum Ahmed, Shak Mahedi Hasan, Taskin Ahmed, Mustafizur Rahman, Hasan Mahmud, Shoriful Islam, Tanzim Hasan Sakib[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top