ශ්‍රී ලංකා යොවුන් ස්කොෂ් ක්‍රීඩක ටුවින්, ප්‍රභල ඊජිප්තු ක්‍රීඩකයෙකුට එරෙහිව අද තරග බිමට

[vc_row][vc_column][vc_column_text]

3වන වරට පැවැත්වෙන Bangabandhu විවෘත ස්කොෂ් තරගාවලිය සැප්තැම්බර මස 26 වනදා සිට 30 වන දා දක්වා බංග්ලාදේශය ඩකා හි පිහිටි ගුල්ෂාන් ක්‍රීඩා සමාජයේදී පැවැත්වෙයි. ඊයේ දිනයේ තරගාවලිය ආරම්භ වූ අතර තරගාවලියේ දෙවන වටය වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් ස්කොෂ් ක්‍රීඩක ටුවින් නිලක්ෂණ හේරත් අද තරග බිමට පිවිසීමට නියමිතයි.

දෙවන වටය Pre Quater Final තරගයක් ලෙසින් පැවැත්වෙන අතර ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩක ටුවින් නිලක්ෂණගේ ප්‍රතිවාදී ක්‍රීඩකයා ලෙසින් අද තරග වදින්නේ ඊජිප්තු ක්‍රීඩල නසීන් හොසාම් ය. ඔහු මෙම වසරේ පැවති දෙවන බංගාමාටා ස්කොෂ් තරගාවලියේ අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලැබූ ක්‍රීඩකයෙකි. හසෙම් මේ වන විට PSA ලෝක ශ්‍රේණිගතකිරීම් වල 221 වන ස්ථානයේ රැදී සිටින අතර ටුවින් මේ වන විට එහි 593 වැනි ස්ථානයේ රැදී සිටියි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top