දකුණු අප්‍රිකානු නායකයා යළිත් මව්‍ රට බලා යයි

[vc_row][vc_column][vc_column_text]

දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා යළිත් සිය මව්‍ රට බලා ගොස් තිබෙනවා. සිය පෞද්ගලික හේතුවක් මත ඔහු මෙලෙසින් සිය රට බලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔහුට ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග දෙක මග හැරෙනු ඇත.

ඒ හේතුවෙන් පුරප්පාඩුව වන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය ඒඩ්න් මක්‍රම් වෙත පැවරී තිබෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්තානය හා නවසීලන්තයට එරෙහි පුහුණු තරග 2හිදී කණ්ඩායම මෙහෙයවනුයේ මක්‍රම් විසිනි.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙයි. එම තරගය වෙනුවෙන් බවුමා නැවත පැමිණෙනු ඇතැයි වාර්තා පළ වී ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top