ඉන්දියානුවන්ගේ ආසියානු ක්‍රීඩා ඉතිහාසය අලුතින් ලියවෙයි

[vc_row][vc_column][vc_column_text]

ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායම දිනක් තුළ ජයග්‍රහණය වැඩිම පදක්කම් ගණන අද දිනයේදී වාර්තා වුණා. ඒ අනුව 19 වැනි ආසියානු ක්‍රීඩා තරගාවලියේ අටවැනි දිනය වූ අද දිනය තුළදී පමණක් ඔවුන් පදක්කම් 15ක් දිනාගැනීමට සමත් වුණා.

ඊට රන් පදක්කම් 3ක් රිදී පදක්කම් 7ක් හා ලෝකඩ පදක්කම් 5ක් ඇතුළත් වුණා. මින් පෙර ඉන්දියාව ආසියානු ක්‍රීඩා තරගාවලියේ එක්දිනක් තුළදී වැඩිම පදක්කම් දිනා තිබුණේ 2010 වසරේදී. එවර Guangzhou හිදී පැවති තරගාවලියේ 14 වැනි දිනය තුළදී ඉන්දියාව පදක්කම් 11ක් ජයග්‍රහණය කොට තිබුණා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top