ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද පැවැත්විණි. කරච්චි හිදී පැවති තරගයේ කාසිය වාසිය පරාජයට පත් වුවද පළමුව පන්දුවට පහර දීමට ශ්රී ලංකාවට අවස්ථාව හිමි විය. ඒ අනුව ශ්රී ලංකා යොවුන් කණ්ඩායම පන්දු 49 එක් පන්දුවකදී සියලු ක්රීඩකයන් දැවී ලකුණු 309ක් රැස්කිරීමට සමත් විය.
එහිදී විශිෂ්ට ඉනීමක් ක්රීඩා කළ පුලිදු පෙරේරා පන්දු 96කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 17ක් හා හයේ පහර 6ක් සමගින් වේගවත් ලකුණු 156ක් රැස්කිරීමට සමත් විය. ඉනීමේ දෙවන වැඩිම ලකුණු ලාභියා වූ රවීන් සිල්වා ලකුණු 30ක් රැස්කළේය.
ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 45 පන්දු 4කදී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 251ක් පමණයි. එහිදී ශ්යාමිල් හුසේන් ලකුණු 98ක් හා අරෆත් මින්හාස් ලකුණු 84ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී දිනුර කලුපහන ලකුණු 32ට කඩුලු 4ක් ද ගරුක සංකේත් ලකුණු 42කට කඩුලු 3ක් ද බිදහෙලීය.
Scores in brief:
Sri Lanka U19 beat Pakistan U19 by 58 runs
Sri Lanka U19 309 all out, 49.4 overs (Pulindu Perera 156, Ravishan de Silva 30; Naveed Ahmed Khan 3-52, Mohammad Ibtisam 2-41, Ahmed Hussain 2-52, Arafat Minhas 2-61)
Pakistan U19 251 all out, 45.4 overs (Shamyl Hussain 98, Arafat Minhas 84; Dinuka Kalupahana 4-32, Garuka Sanketh 3-42)